සොරුන් සිටිය යුත්තේ ඔවුන්ට නියම තැනයි – අජිත් පැරකුම් ජයසිංහ

මහින්දගේ හොර පොල් නඩය පාර්ලිමේන්තුවේත්, ඉන් පිටතත් නටන්නේ ඔවුන්ගේ ම අර්බුදය නිසා ය. අලුතෙන් පක්ෂයක් හදනවා ය කියා කයිවාරු දෙඩුවත් හදන පක්ෂයක් ද නැත.

මෙම පක්ෂයට එක් වන බව කියමින් මේ දිනවල පුවත්පත් සාකච්ඡා පවත්වන පළාත් පාලන මන්ත්‍රී නඩය ගෙන බලන්න. මොවුන්ගෙන් වැඩිදෙනෙක් පසුගිය වසර දහයක පමණ කාලයක් මෙම තනතුරු දැරූ අයයි. මූලික ලක්ෂණයක් වන්නේ ඔවුන් විසින් කරන ලද කිසිදු මහජන සේවාවක් නැතිකමයි.

අනෙක් පැත්තෙන් මොවුන් පසුගිය කාලය පුරා ම කළේ කොන්ත්‍රාත් ආදියෙන් ගසා කෑම ය.

මොවුන් වැඩි දෙනෙක් මීළඟ ඡන්දයේදී අනිවාර්යයෙන් ම පරාජය වේ.

මහින්දව ගොනාට අන්දාගෙන ගොඩ යන පාරක් කපා ගන්නට ඔවුහු උත්සාහ දරති. මහින්ද වටා සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී පිරිස ද මහින්ද විකුණා පසුගිය ඡන්දය දිනා ගත්, මහින්දගෙන් ගොඩ යන්නට බලා සිටින අයයි.

ඔවුන්ට අලුත් පක්ෂයක් පිහිටුවන්නට තිබෙන ලොකුම බාධාව අන් කිසිවක් නොව මහින්දගේ දෙගිඩියාවයි.

මහින්ද, ගෝඨාභය, බැසිල්, නාමල් හතරවරං චෞරයන්ට සිදු වී ඇත්තේ ‘ගෙදර ගියොත් අඹු නසී – මග සිටියොත් තෝ නසී’ පන්නයේ අලකලංචියකි.

අලුත් පක්ෂයක් හැදුවත්, නැතත් ඔවුන්ට සිය හොරකම් නිසා හිරේ විලංගුවේ ලගින්නට සිදු වී තිබේ.

ආණ්ඩුව මොවුන්ට කිසිදු බුරුලක් නො පෙන්විය යුතු ය. මන්ද, මේ අමනයන්ගෙන් කිසිදාක මෛත්‍රීට, රනිල්ට, සරත් ෆොන්සේකාට හා වෙනත් අයට බුරුලක් නො ලැබෙන බැවිනි.

අනෙක් පැත්තෙන් ආණ්ඩුව බලාපොරොත්තු වූ ආකාරයට ඍජු විදේශ ආකර්ශනය වන බවක් පෙනෙන්නට නැත. ඉදිරියේදී අනිවාර්යයෙන් ම අලුත් ආර්ථික මූලෝපායන් කරා යන්නට සිදු වනු ඇත. ඒවා බොහෝ විට ජනප්‍රිය නැති ලුහුපෙවෙත් (austerity) ක්‍රියාමාර්ග වන්නට ඉඩ තිබේ.

දූෂිත ජනතාවගේ, නිලධාරි පැළැන්තියේ හා දේශපාලකයන් දූෂණය වෙනුවෙන් බලමුළුගන්වා බලය ඩැහැගන්නට උත්සාහ කරන මෙවැනි සොර කල්ලියකට හිතුමතේ නටන්නට දී ඉදිරි ආර්ථික අර්බුදය තුළ ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදය ආරක්ෂා කර ගන්නට බැරි වනු ඇත.

එහෙයින්, සොරුන්ට හිමි තැන ඔවුන් සිටිය යුතු ය.

 

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *