හොඳ මිනිස්සු කියල කොටසක් ඉන්නවද ? – ප්‍රියශාන්ත රාජපක්ෂ

කැළණි පාලම යට (තොට ලඟ) අති දුෂ්කර ආර්ථික කොන්දේසිත් එක්ක පැල්පත් වාසී විශාල ප්‍රජාවක් ජීවත් වෙනව.

පාතාලෙ,කුඩු,ආදී විවිධ සමාජ අපචාර බොහෝවිට පවතින්නෙ මේ සමාජ පසුබිම ආශ්‍රිතව.
මේ පරිසරය තුල උප්පත්තිය ලබන පුත්ගලයින් අපරාධ කාරයින් වීමේ ලොකු සම්භාවිතාවක් තියෙනව.

කිසිම පුත්ගලයෙක් ඉපදෙන්නෙ තමන්ගෙ කැමැත්තෙක් තෝරාගත් තැනක නෙමේ.

මිනිසා යනු තමන් ඉපදිච්ච සමාජ ආර්තික දේහයේ ප්‍රකාශනයක්.
ඒ ස්තානය යහපත් වෙන්ටත් පුළුවන් අයහපත් වෙන්ටත් පුළුවන්. ඒක ඉපදෙන පුද්ගලයගෙ තෝරා ගැනීමක් නෙමේ.

ඇත්තෙන්ම පුද්ගලයෙක් අපරාධකාරයෙක් වීම සම්බන්ඳව සැබෑ වග උත්තරකරු අපරාධකාරයා කියල හංවඩුව වැදිච්ච පුත්ගලයා නෙමේ.
ඔහුත් වින්දිතයෙක්.
සැබෑ අපරාධකාරයා ඔහු අපරාධකාරයකු වීමට හේතුඋනු සමාජ ආර්ථික කොන්දේසි.

කෘෂි ශිෂ්ඨාචාරය ඇතිවෙන්ට කලින් ආදීම වනචාරී මිනිසා ගිරි දුර්ග ඔස්සේ ඇවිදිමින් තමයි තමන්ගෙ සරල ආහාරය හොයාගත්තෙ.

වයෝවෘද්ධ භාවයට පැමිණුනාම ඔවුන්ට තව දුරටත් ගිරිදුර්ග තරනය කරන්ට බෑ.
මේ අනතුරුකාරී ගමනේදී සෙසු අයට වයෝවෘදයන් උස්සන් යන්ටත් බෑ නඩත්‍තු කරන්ටත් බෑ.
මග දාල ගියොත් විලෝපිකයො පනපිටින් කනව එතකොට දුක්විඳල විඳල ටික ටික මැරෙන්නෙ.

ඇවිදින්ට බැරි බිම ඇදවැටුන වයෝවෘද්ධයිට රැලේ අනික් උන් මොකද කලේ.
එක විසඳුමයි ඔවුන් සතුව තිබුනෙ එකවර මරල දැම්මා. වේදනාව අඩු මරණයක්.

ඒ ප්‍රාථමික වනචාරී සමාජයේ ඉපදුන අබ්බගාතයින්ට කොරුන්ට උපතේදීම අත් උනෙත් ඒ ඉරණමමයි.
හේතුව අබ්බගාතයො කොරු නඩත්තුකරන්ට පුළුවන් නිශ්පාදනයේ අතිරික්තයක් ඒ වනචාරී සමාජය සතුව තිබුනෙ නෑ.

ඔවුන්ගේ ඒ හැසිරීමට හේතුව ඔවුන් ජීවත්වූ ආර්තික සන්දර්භයේ පැවති රුදුරු ජීවන කොන්දේසි මිසක් අන් කවරක්වත් නෙමේ.

හොඳ හෝ නරක කියන්නෙ වියුක්ත මිනිස් මනසේ නිශ්පාදිතයක් නෙමේ.
පුද්ගලයා ජීවත්වෙන සමාජ ආර්තික දේහයේ කොන්දේසීන්වල නිශ්පාදිතයක්.

– ප්‍රියශාන්ත රාජපක්ෂ

LANKANEWSWEB

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *