ඥානසාරට අබ සරණයි – ඇප දෙන්න බැරි වරදකට රිමාන්ඩ් !

ප්‍රගීත් එක්නැලිගොඩ නඩුව පවතී අවස්ථාවක හෝමාගම අධිකරණයට කඩාවැදී තර්ජන ගර්ජන කළ ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් මහේස්ත්‍රාත් අධිකරණයකින් ඇප ලබාදිය නොහැකි වරදක් සිදුකොට ඇති බව තහවුරු වීම නිසා ලබන 16දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකොට ඇත . සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට තර්ජනය කිරීම නිසා වින්ධිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂාකිරීම සදහා අලුතින් හදුන්වාදුන් නීති යටතේ ඔහු සාපරාධි වරදකට චෝදනා ලබා ඇත . යහපාලන ආණ්ඩුවෙන් හදුන්වාදුන් නව නීති යටතේ මෙබදු වරදකට ඇප ලබාගත හැක්කේ අභියාචනාධිකරණයෙන් පමණකි .

මෙම නව නීතියෙන් පළමුවෙන් චෝදනා ලැබූ තැනැත්තා ඥානසාර හිමියන් වීම විශේෂත්වයකි . රක්ෂිත බන්ධනාගාර ගතවී දින දෙකකින් නිදහස් වීමේ ඥානසාර හිමියන්ගේ සිහිනය මේ නිසා සම්පුර්ණයෙන්ම බොදවී ඇති බව පෙනෙන්නට තිබේ .

ඥානසාර හිමියන්ට ඇප ලබාගැනීම සදහා ඉහළම මට්ටමේ නීතිඥ සහයක්ද ලබා දී තබිණි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *