ජනාධිපති නීතිඥ ජයන්ත ජයසූරිය නීතිපති තනතුරට තීන්දුයි !

jayanthaපුරප්පාඩු වී තිබූ නිතීපති තනතුරට ජනධිපතිවරයා විසින් ජනාධිපති නීතිඥ ජයන්ත ජයසූරිය මහතා ව අද (10) සවස නිර්දේශ කරන ලද අතර, කථානායක කරු ජයසූරිය මහතා ප‍්‍රමුඛ ව්‍යවස්ථා සභාව රැුස්වී ඊට අනුමැතිය ලබා දෙන ලදී. පසුව එම අනුමැතිය ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා වෙත් දන්වා යවන ලදී.

හිටපු නීතිපති ජනාධිපති නීතිඥ නුවන්ජය විජේතිලක මහතා මෙයට සති කිහිපයකට පෙර විශ‍්‍රාම ගියේය. ඉන් අනතුරුව ජනාධිපති නීතිඥ සුහද ගම්ලත් මහතා නීතිපති වරයා ලෙස එම තනතුරේ වැඩ බලන ලදී. ඔහු නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියා විය. මොහු වැඩ බලන නීතිපති වරයා ලෙස කටයුතු කරන කාලය තුළ දී රාජපක්‍ෂ පාලන කාලය තුළ සිදු වී ඇතැයි කියන දුෂණ හා අපරාධ සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවට ලැබී ඇති ලිපි ගොනු සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී මන්දගාමීව කටයුතු කරන බවට චෝදනා එල්ල විය.

සුහද ගම්ලත් මහතා ව නව නීතිපති වරයා ලෙස පත්කරවා ගැනීමට අධිකරණ ඇමතිවරයා, උපරිම උත්සහයක් ගත් බව වාර්තා විය. එහෙත් එම උත්සාහය ව්‍යවර්ථ කරමින් අද දිනයේ නව නීතිපතිවරයා ලෙස ජනාධිපති නීතිඥ ජයන්ත ජයසූරීය මහතාව ජනාධිපතිතුමා විසින් නිර්දේශ කරන ලද අතර එය ව්‍යවස්ථා සභාවෙන් අනුමත විය.

‘‘නීතිපති තනතුරට ජයන්ත ජයසූරිය ඉදිරිසතියේ පත්කෙරෙයි’’ යන ශීර්ෂය යටතේ මේ බව මුලින්ම හෙළිකරන ලද්දේ අප වෙබ් අඩවිය ( යුක්තිය) මගිනි.

මනෝජ්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *