සජිත්ට රටක් පාලනය කරන්න පුළුවන් කියලා කවුරුවත් පිළිගත්තේ නැහැ ; ජනාධිපතිවරණය පැරදුනේ එකයි – දයා ගමගේ

සජිත් ප්‍රේමදාස මහතා රටක් පාලනය කළ හැකි නායකයකු ලෙස මෙරට මැද පන්තිකයන් ඇතුළු විශාල ජන කොටසක් නොපිළිගත්  බවත් ජනාධිපතිවරණයේ පරාජයට එය හේතු වූ බවත් හිටපු ඇමති දයා ගමගේ මහතා ප්‍රකාශ කළේ ය.

සාමාන්‍යයෙන් ජනාධිපතිවරණයක් දී අපේක්ෂකයාගේ රැස්වීම් පවත්වන්නේ 50 ක් පමණ බවත් සජිත් ප්‍රේමදාස මහතා රැස්වීම් 150ක් කළ බවත් ඔහු කතා කළ තරමට ඡන්ද අඩු වූ බවත් ගමගේ මහතා කීය.

අම්පාර ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින් ඒ මහතා කීවේ අම්පාරෙන් වැඩි ඡන්ද 125,000 ක් ද උතුරු නැගෙනහිරින් විශාල වැඩි ඡන්ද ප්‍රමාණයක් ද  ලබා දුන්න ද රටේ අනෙක් පළාත්වල ඡන්ද ගන්නට සජිත් ප්‍රේමදාස මහතාට නොහැකි වූ බව යි. ඔහු ම සංවිධානය කළ හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් සජිත් ප්‍රේමදාස මහතාට අන්ත පරාජයක් හිමි වූ බව ද ගමගේ මහතා පෙන්වා දුන්නේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *