වියතුන්ගේ මුවාවෙනුත් කැරකෙන්නේ පරණ තැටියමයි – වියත්මග අපේක්ෂක වසන්ත යාපා බණ්ඩාර

වියත්මග සංවිධානයෙන් මෙවර මැතිවරණයට ඉදිරිපත්වන මහනුවර දිස්ත්‍රික් අපේක්ෂක වසන්ත යාපා බණ්ඩාර මහතාගේ ජන හමුවක් අතරමග නවතා දැමීමට ඊයේ (23) සිදු විය. ඊට හේතු වුයේ මැතිවරණ කොමිසමට ලැබුණු පැමිණිල්ලකි. ඒ අනුව මැතිවරණ කොමිසමේ නිලධාරීන්ගේ හා පොලිසියේ මැදිහත් වීම මත මෙම හමුව නවතා දැමීමට සිදු විය. එහිදී අදහස් දැක්වූ වසන්ත යාපා බණ්ඩාර මහතා ප්‍රකාශ කර සිටියේ ගුරුවරුන් පිරිසකගේ ඉල්ලීම මත තමන් මෙම ජන හමුව සංවිධානය කල බවත් පසුගිය කාලය තුළ විවිධ අපේක්ෂකයන්ගේ රැස්වීම් මහනුවර දිස්ත්‍රික්කය පුරා පැවති නමුත් මෙවැනි නීතිමය බාධාවන් එම රැස්වීම් වලට එල්ල නො වූ බවය.
වැඩිදුරටත් අදහස් දැක්වූ වසන්ත යාපා බණ්ඩාර

අපේ කණ්ඩායමේ යැයි කියාගන්නා බොහෝ දෙනා වියතුන් වන අපටම පහර ගැසීම අදහාගන්න බැරි දෙයක්. මං හිතනවා නැවත වතාවක් කැරකෙන්නේ අර පහුගිය දුෂිත දේශපාලනයමයි යලිත් ක්‍රියාත්මක වෙන්නේ. වියතුන්ගේ මුවාවෙනුත් ක්‍රියාත්මක වෙන්නේ අර පරණ තැටියමයි.

CNH

Leave a Reply

Your email address will not be published. Required fields are marked *