එක්නැලිගොඩ ඝාතන පරීක්‍ෂණ නොමග යවන්න තැත් කළැයි අරුන්දික ප්‍රනන්දුටත් නඩු !

ප‍්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන්වීම මේවන විට ඝාතනයක් බවට අපරාධ පරීක්‍ෂණ කණ්ඩායම විසින් තොරතුරු සොයාගෙන ඇති අතර, ඒ පිළිබඳව පෙරේදා (9* අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් හෝමාගම මහේස්ත‍්‍රාත් අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇත. මෙම අතුරුදහන් වීම පිළිබඳ පරීක්‍ෂණ සිදුවන අවදියේ අරුන්දික ප‍්‍රනාන්දු විදේශ රටක සිටින බවට පසුගිය රජයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී අරුන්දික ප‍්‍රනාන්දු විසින් කරන ලද ප‍්‍රකාශය, හිතාමතාම පරීක්‍ෂණ නොමගය යැවීම සඳහා කළ ප‍්‍රකාශයක් බව නිමිතිකරගෙන ඔහුට විරුද්ධව ‘‘අපරාධ නඩුවක පරීක්‍ෂණ නොමග යැවීමට උත්සාහ කිරීම’’ පිළිබඳ චෝදනාව යටතේ නඩු පැවරිය හැකි බව නීති අංශ පෙන්වා දෙයි.

අරන්දිකගේ එම ප‍්‍රකාශය එක්නැලිගොඩගේ හිතවතුන් අතර ද හිතවත් මාධ්‍යවේදීන් අතරද, පොදු සමාජයේ ද එක්නැලිගොඩ පිළිබඳව වැරදි ප‍්‍රතිරූපයක් ඇති කිරීමට සමත් විය. එයින් එක්නැලිගොඩගේ බිරිඳ සන්ධ්‍යා එක්නැලිගොඩද, දරුවන් ද සමාජය ඉදිරියේ අපහසුතාවයකට පත්විය. ඔහු සැබෑලෙසම අතුරුදහන් වූවා නොව ඔහු බොරු ර`ගපෑමක් කරන පුද්ගලයෙකු බවට ඇතැම්හු පවසන ලදී. මෙය ඔහු ගොඩනගාගෙන තිබූ මාධ්‍ය පෞරුෂයටද කළ නිගරුවකි. අරුන්දික ප‍්‍රනාන්දු විසින් කරන ලද ප‍්‍රකාශයෙන් උත්සාහ ගෙන ඇත්තේ පරීක්‍ෂණ නොමග යාවා මිනීමරුවන් බේරා ගැනීමටය.

එබැවින් මේ පිළිබඳව සන්ධ්‍ය එක්නැලිගොඩ ඇතුළු පවුලේ අයටත්, අපරාධ පරීක්‍ෂණ දෙපාර්ත මේන්තුවටත් අරුන්දික ප‍්‍රනාන්දුට නඩු පැවරීමට තරම් නිමිත්තක් ඇතැයි නීති ආරංචිමාර්ග පවසයි.

2010 ජනවාරි 24 වැනි දින ගිරිතලේ කඳවුරට රැුගෙන ගිය එක්නැලිගොඩ මහතා පළමුවන සැකකාර ලූතිනන් කර්නල්වරයා විසින් දෑස් බැඳ රැුගෙන ගිය බවට එම කඳවුරේ බලයලත් නිලධාරිවරයා ලබාදුන් සාක්‍ෂි අනුව පැහැදිලි වන බවත් සැකකරුවන් වන ලූතිනන් කර්නල් අර්ජූන කුමාරරත්න, රවීන්ද්‍ර රූපසිංහ, මාණ්ඩලික සැරයන් කනිෂ්ක ගුණරත්න මේ පැහැරගෙන යෑමට සම්බන්ධ බවට සාක්‍ෂි මගින් හෙළිදරව් වී ඇති බවත් රහස් පොලීසිය වැඩිදුරටත් කරුණු ඉදිරිපත් කළේය. අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතා වැඩිදුරටත් කරුණු ඉදිරිපත් කරමින් මේ බව හෙළි කළේය.

මනෝජ් රූපසිංහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *