බන්දුලගේ රුපවාහිනී සිහිනයට මැතිවරණ කොමිසමෙන් තහංචි

බන්දුල ගුණවර්ධන ඇමතිවරයා සහභාගී වූ සිහිනයකි රෑ වැඩ සටහන මුදල් ගෙවා නැවත විකාශය කිරීමට ශ්‍රී ලංකා රුපවාහිනී සංස්ථාව කළ ඉල්ලීම මැතිවරණ  කොමිසම විසින් ප්‍රතික්ෂේප කොට ඇත.

මැතිවරණ කොමිසම දැනුම් දී ඇත්තේ අපේක්ෂකයකුට මුදල් ගෙවා ප්‍රචාරක කටයුතු කිරීමට අයිතිය ඇතත් කලින් ප්‍රචාරය කළ වැඩ සටහනක සංරක්ෂණ අයිතිය රජයේ දේපලක් වන බව යි.

රජයේ දේපලක් අපේක්ෂකයකුගේ මැතිවරණ කටයුත්තකට යොදා ගැනීමට ඉඩ දිය නොහැකි බව මැතිවරණ කොමිසම රුපවාහිනී සංස්ථාව වෙත දැනුම් දී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *