මම මිරිස් කුඩු ගැහුවේ මහින්ද මහත්තයා රකින්නයි, දැන් කවුරුත් ඒක කියන්නෙ නෑ ! – ප්‍රසන්න රණවීර

තමන් පාර්ලිමේන්තුවේදී මිරිස් කුඩු ප්‍රහාරයක් එල්ල කළේ මහින්ද රාජපක්ෂ මහතා රැකගැනීමට බවත් මිරිස් කුඩු ගැසීම මිස එහි හේතුව දැන් කිසිවකුත් නොකියන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක ප්‍රසන්න රණවීර මහතා පවසයි. 

“මිරිස් කුඩු ගහපු එක සියල්ල පෙන්නනවා, ගැහුවෙ ඇයි කියන එක කවුරුත් කියන්නෙ නෑ. 

සමහරක් අය මහින්ද මහත්තයාව රකින්න පුටුවලින් ගැහුවා, පොත්වලින් ගැහුවා, වතුර බෝතල්වලින් ගැහුවා, හරියන්නෙ නෑ … මම ගැහුවා මිරිස් කුඩුවලින්. කරූට මිරිස් කුඩු ටික වැදුණා විතරයි කරූ නැගිටලා යන්න ගියා” යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ. 

ප්‍රසන්න රණවීර මහතා මේ බව පැවසුවේ ඊයේ (22) පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජන හමුවක් අමතමිනි. 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *