හම්බන්තොට වරාය විකුණා නැහැ ? – වරාය 100%ක් අයිති ශ්‍රී ලංකාවටයි චීන රජය කියයි

හම්බන්තොට වරාය සියයට 100ක්ම ශ්‍රී ලංකාවට අයිති වරායක් බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය සඳහන් කරයි.

චීන තානාපති කාර්යාලයේ ට්විටර් ගිණුමෙන් ඔවුන් ප්‍රකාශ කරන්නේ ශ්‍රී ලංකාව හම්බන්තොට වරාය ගොඩනැගීමට හා ඒකාබද්ධව මෙහෙයුම් කිරීම සඳහා චීන සමාගම්වලට ආරාධනා කළ බවයි.

එසේම වරායේ ආරක්ෂාව හා සෛවරීත්වය සියයට 100ක් ශ්‍රී ලංකාව සතු බවත් තානාපති කාර්යාලය සඳහන් කරයි.

එක්සත් රාජධානියේ කොන්සවේටිව් පක්ෂයේ මන්ත්‍රීවරයකු නිකුත් කල ට්විටර් පණිවුඩයකට ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය මෙම පැහැදිළි කිරීමේ ට්විටර් පණිවුඩය නිකුත් කර තිබේ

CNH

Leave a Reply

Your email address will not be published. Required fields are marked *