එක්නැලිගොඩ අක්කරෙයිපත්තුව කැලෑවකදී මරාදාලා – සී.අයි.ඩි. ය පළමුවරට අධිකරණයට වාර්තා කරයි.

ලංකා ඊ නිවුස් මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැලිගොඩ මහතා ගිරිතලේ යුද හමුදා කඳවුරකට රැුගෙන ගොස්, ඉන් පසුව දෑස් බැඳ අක්කරෙයිපත්තුව ප‍්‍රදේශයේ කැලෑවකට රැුගෙන ගොස් මරා දැමූ බවට සාක්‍ෂි හමු වී ඇතැයි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (9* හොමාගම මහේස්ත‍්‍රාත් අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් දන්වා සිටියේය. මෙය එක්නැලිගොඩ ඝාතනය කළ බවට ප‍්‍රථමවරට නිල වශයෙන් කෙරුණු හෙලිදරව් කිරීමයි.

2010 ජනවාරි 24 වැනි දින ගිරිතලේ කඳවුරට රැුගෙන ගිය එක්නැලිගොඩ මහතා පළමුවන සැකකාර ලූතිනන් කර්නල්වරයා විසින් දෑස් බඳ රැුගෙන ගිය බවට එම කඳවුරේ බලයලත් නිලධාරිවරයා ලබාදුන් සාක්‍ෂි අනුව පැහැදිලි වන බවත් සැකකරුවන් වන ලූතිනන් කර්නල් අර්ජූන කුමාරරත්න, රවීන්ද්‍ර රූපසිංහ, මාණ්ඩලික සැරයන් කනිෂ්ක ගුණරත්න මේ පැහැරගෙන යෑමට සම්බන්ධ බවට සාක්‍ෂි මගින් හෙළිදරව් වී ඇති බවත් රහස් පොලීසිය වැඩිදුරටත් කරුණු ඉදිරිපත් කළේය. අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතා වැඩිදුරටත් කරුණු ඉදිරිපත් කරමින් මේ බව හෙළි කළේය.

අදාළ සැකකැවන් තිදෙනා මෙම නඩුවේ පළමුවැනි, පස්වැනි හා හත්වැනි සැකකරුවන් ලෙස ඉදිරිපත් කර ඇති බවත්, ඔවුන් පැහැරගෙන යන අවස්ථාවේ භාවිත කළ දුරකථන සංවාද අනුව ගිරිතලේ සිට අක්කරෙයිපත්තුව කැලෑවට රැුගෙන ගොස් ඇති බවට සාක්‍ෂි ඉදිරිපත් වන බවත් සැකකරුවන් දින දෙකකට පසුව යළි කඳවුරට පැමිණ ඇති බවත් හෙළි විය.
‘‘මාධ්‍යවේදි එක්නැලිගොඩ පැහැරගෙන ගොස් ඝාතනය කර ඇති බවට 296 වගන්තිය යටතේ චෝදනා ගොනු කිරීමට සාක්‍ෂි තිබේද?’’ යන්න හෝමාගම මහේස්ත‍්‍රාත් රංග දිසානායක මහතා කළ ප‍්‍රශ්න කිරීම් අනුව වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් මෙම කරුණු ගොනු කොට ඇත.

නඩුවේ සෙසු සැකකරුවන් වන ලූතිනන් කර්නල් ප‍්‍රබෝධ සිරිවර්ධන, මාණ්ඩලික සැරයන් ප‍්‍රියන්ත කුමාර, විශ‍්‍රාමික හමුදා නිලධාරි ප‍්‍රියන්ත ඩිලන්ජය, චමින්ද කුමාර යන සැකකරුවන් හත්දෙනා බන්ධනාගාර අධිකාරිය මගින් දැඩි රැුකවරණය මැද අධිකරණයට ඉදිරිපත් කළේය.

සැකකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනිල් ද සිල්වා මහතා ඇතුළු නීතිඥ කණ්ඩායමක් අධිකරණයේ කරුණු ඉදිරිපත් කළ අතර එම කරුණු ලිඛිතව ඉදිරිපත් කරන ලෙසට මහේස්ත‍්‍රාත්වරයා දන්වා සිටියේය.  පැමිණිල්ල වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ දිලීප පීරිස් මහතා කරුණු ඉදිරිපත් කරමින් කියා සිටියේ, මෙම පරීක්‍ෂණවලදී ඇතැම් රාජ්‍ය නිලධාරින් පරීක්‍ෂණ නිලධාරින් අපහසුතාවට පත්වන ආකාරයෙන් ක‍්‍රියාකරන බවයි.

‘‘එක්නැලිගොඩ මහතා සම්බන්ධයෙන් කිසිම දෙයක් මතක නැහැ….’’ යනුවෙන් සාක්‍ෂි ලබාදෙන ඔවුන් පරීක්‍ෂණ නිලධාරින් අපහසුතාවට හා කලකිරීමට පත්කරවන බවද ඔහු සඳහන් කළේය.
විත්තිකරුවන් වෙනුවෙන් අවිසාවේල්ල මහාධිකරණයේ ඇප අයදුමක් කර ඇති විත්තිකාර පාර්ශ්වයේ නීතිඥවරුන් මෙම අධිකරණයේදී මිනීමරුම් චෝදනාවලට සාක්‍ෂි නොමැති බවට කරුණු ඉදිරිපත් කිරීම පුදුම සහගත බව පැවසූ රජයේ නීතිඥවරයා, නීතිඥවරුන් මහේස්ත‍්‍රාත් අධිකරණයෙන් අයුතු වාසි ලබාගැනීමට තැත් කරන්නේ යයි හැ`ගීයන බවද සඳහන් කළේය.
අගතියටපත් පාර්ශ්වයෙන් ද ඉදිරිපත් කළ කරුණු සළකා බැලූ මහේස්ත‍්‍රාත්වරයා, සැකකරුවන් හත්දෙනා ලබන 26 වැනි දින දක්වා යළි රක්‍ෂිත බන්ධානාගාරගත කරන ලෙස නියෝග කරමින් නඩු විභාගය එදින දක්වා කල් තැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *