සජිත් පිලේ අය එජාපයෙන් නෙරපීමට එරෙහි අභියාචනය විභාගයට නොගෙන ම ඉවත දමයි ; නඩු ගාස්තුත් ගෙවන්න වෙයි

වෙනම පක්ෂයකින් මහ මැතිවරණයට තරග වදින සජිත් පිලේ සමාගිකයන් 99ක් එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්කිරීමට එරෙහිව අතුරු තහනමක් දීම පර්තික්ෂේප කරමින් අධිකරණය දුන් තීන්දුවට එරෙහිව සජිත් පිලිදිරිප්ත් කොට තිබු පෙත්සම විභාගයට නොගන ම ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය අද තීරණය කළේ ය.

වග උත්තරකාර පාර්ශවයට රුපියල් 25,000 ක නඩු ගාස්තු ගෙවීමට ද පැමිණිලි කරුවන්ට අධිකරණය නියෝග කළේ ය.

එජාපයෙන් ඉවත්කිරීමට එරෙහිව අතුරු තහනමක් ලබාදීම ප්‍රතික්ෂේප කළ ඉල්ලීමට එරෙහිව නඩු විභාගයක් සඳහා පැමිණිලිකරුවන් ඉදිරිපත්කොට ඇති කරුණු ප්‍රමාණවත් නැති බව අභියාචනාධිකරණ තිදුවේ සඳහන් වෙයි .

සජිත් පාර්ශවය වෙනුවෙන් පැමිණිල්ල ඉදිරිපත් කොට තිබුණේ රන්ජිත් මද්දුම බණ්ඩාර මහතා විසිනි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *