සිරසේ මහරාජා කපන්න බැරි අත ඉබියි ? රනිල් ගෙන්වා වැළඳගනී !

රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායකත්වයෙන් සහ බලයෙන් නෙරපීමට සියලු මාධ්‍ය සදාචාර පසෙක ලා තම මාධ්‍ය ජාලය මෙහෙයවමින් සිටි සිරස මාධ්‍ය ජාලයේ අධිපති කිලි මහරාජා මහතා පසුගිය සතියේ රනිල් වික්‍රමසිංහ මහතාට ආරාධනය කොට ගෙන්වාගෙන ඔහුව බදා වැළඳ ගත්  බව  දේශපාලනයේ තතු දත් අංශ වාර්තා කරයි .

දෙදෙනා එදින පැය දෙකකට වැඩි කලක් කළු කෝපි බොමින් සුහද සාකච්ඡාවක යෙදුනු බව ද වාර්තා වෙයි.

සිරස ආයතනයේ වැඩ සටහනක් සඳහා රනිල් වික්‍රමසිංහ මහතාට ආරාධනා කොට ඇත්තේ වසර තුනකට වැඩි කාලයකින් පසුව ය.

එක්සත් ජාතික පක්ෂයෙන් සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු කණ්ඩායම කඩා වෙන් කිරීමට විශාල වැඩ කොටසක් තිරය පිටුපස සිට කළේ කිලි මහාරාජා මහතා බවත් ඔහුගේ සිරස ආයතනය එයට එළිපිට ම ක්‍රියා කළ බවත් ප්‍රකට ය.

එසේ තිබිය දී සිදු වූ මෙම හමුව ප්‍රබල දේශපාලන වෙනසක පෙර නිමිත්තක් බව තතු දත් දේශපාලන අංශ විශ්වාස කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *