අපිට හූ කිව්වොත් තුනෙන් දෙක නැති වෙයි – මහින්ද අමරවීර

දිගින් දිගටම පොදුජන පෙරමුණේ රැස්වීම් වලදී ශ්‍රීලනිපයේ අපේක්ෂකයින්ට හු කියන්නේ නම් ඉන් පාඩුව සිදුවන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට බව සහ  තුනෙන් දෙකක බලයක් ලබා දීමේ වැඩපිළිවෙලට බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කොට තිබේ.

මෙවර මහ මැතිවරණයේදී පොදුජන පෙරමුණ නියෝජනය කරමින් තරඟ වදින ශ්‍රීලනිපයේ අපේක්ෂකයින් වන ජගත් පුෂ්පකුමාර මහතාට මොනරාගලදීත්, නිමල් සිරිපාලද සිල්වා මහතාට බදුල්ලේදීත්, පොදුජන පෙරමුණු රැස්වීම් වලදී හු කීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමරවීර මහතා මේ අදහස් පළ කොට තිබේ.

ශ්‍රීලනිප අපේක්ෂකයන්ට හු කියන ස්ථාන වල අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිටියද හු තැබීම් වලට ඔහුගේ සම්බන්ධයක් නැති බවද අමරවීර මහතා පෙන්වා දෙයි.

CNH

Leave a Reply

Your email address will not be published. Required fields are marked *