මැතිවරණය සඳහා තරග කළ යුත්තේ එජාපයෙන් පමණයි – රනිල්

එක්සත් ජාතික පක්ෂය සමග එක්වු සෙසු පක්ෂ නියෝජිතයින්ට තනතුරු ලබාදීමට සහ ඔවුන්ගේ අදහස් මත ක්‍රියාත්මකවීමට තමන් සූදානම් නොවු බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරන්නේ මැතිවරණය සඳහා තරග කළ යුත්තේ එක්සත් ජාතික පක්ෂයෙන් පමණක් බවය.

හිඟුරක්ගොඩ ප්‍රදේශයේ පැවති එක්සත් ජාතික පක්ෂ නියෝජිත සම්මේලනය අමතමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

මහමැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් තරගවදින අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් පැවැති පක්ෂ නියෝජිත සම්මේලනයට සහ පොළොන්නරුව ලක්ෂ උයනේ පැවැති ජන හමුවකටද රනිල් වික්‍රමසිංහ මහතා අද (19) එක් විය.

ADA DERANA

Leave a Reply

Your email address will not be published. Required fields are marked *