මේ ආණ්ඩුව ආපු ගමන් පොලීසියට අමුතු උණක් හැදුණා ; කොරෝනාවට වඩා භයානකයි දැන් පොලීසිය – මහජන අයිතීන් සුරැකීමේ සංවිධානයේ කැඳවුම්කරු අසේල සම්පත්

වත්මන් ආණ්ඩුව බලයට පැමිණීමත් සමඟ ශ්‍රී ලංකා පොලීසියට අමුතු උණක් වැළඳුණු බවත් ඒ නිසා Covid 19 වෛරසයටත් වඩා මේ වනවිට ශ්‍රී ලංකා පොලීසිය භයානක වී ඇති බවත් මහජන අයිතීන් සුරැකීමේ සංවිධානයේ කැඳවුම්කරු අසේල සම්පත් මහතා පවසයි. 

” නොවැම්බර් 16 මේ ආණ්ඩුව පැමිණීමත් එක්ක මේ පොලීසියට හැදිලා තියෙනවා අමුතුම තාලේ උණක්. ඒක ජනාධිපතිවරයා දීපු විශේෂ උත්තේජනයක් නවෙයි. ජනාධිපතිවරයාගේ වටේ ඉන්න පිරිසකට මේ උණ ගහලා ඒ උණෙන් කොටසක් තමයි මේ ගොල්ලන්ට දැන් ක්‍රම ක්‍රමයෙන් බෝවෙලා තියෙන්නේ. කොවිඩ්වලට වඩා භයානකයි දැන් ශ්‍රී ලංකා පොලීසිය. කොවිඩ් හැදුනායින් පස්සේ හොඳ කරන්න පුළුවන්. පොලීසියට අහුවුණොත් හොඳ කරන්න බෑ. කෙළින්ම ඔළුවට කුඩු වෙන්න වෙඩි තියලා මරලා දානවා. මේක තමයි ඇත්ත. 

මොකක්ද මෙතන ප්‍රශ්නය? මේ පොලීසියේ සාමාන්‍ය හොඳ පිරිසක් ඉන්නවා. තවත් පිරිසක් ඉන්නවා ගෙදර භාර්යාවගේ යට ඇදුම පවා කුඩුකාරයින්ගේ,කසිප්පුකාරයින්ගේ සල්ලිවලින් අරන් යන. මේක බොරුයි කියනවා නම්,නෑයි කියනවා නම් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජාලිය සේනාරත්න,අජිත් රෝහණ,දේශබන්දු තෙන්නකෝන් මහත්වරුන්ට මං ආරාධනා කරනවා එන්න ප්‍රසිද්ධව මං ඉන්නම් සාක්ෂි සහිතව කියලා” යනුවෙනුයි අසේල සම්පත් මහතා සඳහන් කළේ. 

ඔහු මේ බව පැවසුවේ පසුගියදා පැවති මාධ්‍ය හමුවකදීය. 

LANKANEWSWEB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *