PHIලා නැතිව මේ වැඩේ හරියට කරන්න බැහැ – ආණ්ඩුවට බුරුලක් නොදෙන මැ.කො

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සහය නොමැතිව සෞඛ්‍ය මාර්ගෝපදේශ ඇතුළත් ගැසට් පත්‍රය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ නොහැකි බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි. 

සෞඛ්‍ය අවදානමක් පවතින මොහොතක එම ගැසට් පත්‍රයට අනුව කටයුතු වෙනවාද නැද්ද යන්න සොයා බැලීමට හැකි එකම පාර්ශවය වන්නේ මහජන සෞඛ්‍ය පරික්ෂවරු බවයි දේශප්‍රිය මහතා සඳහන් කරන්නේ. 

මහමැතිවරණය සම්බන්ධ සෞඛ්‍ය මාර්ගෝපදේශ ගැසට් කිරීමේදී මහජන සෞඛ්‍ය පරික්ෂවරුන්ට බලතල ලබා නොදීමටත් එසේ බලය නොදුන්නේ මහජනතාව පීඩනයට පත්වීම වැළැක්වීම සඳහා බවට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කළ ප්‍රකශයටත් විරෝධය පළ කරමින් ඔවුහු පසුගිය (17) දවවල් 12.30 සිට කොරෝනා පාලන රාජකාරීවලින් ඉවත් වූ අතර ඒ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඊයේ දිනය වන ඊටත් සාධනීය ප්‍රතිචාරයක් නොලැබුණු හෙයින් අද සිට Covid 19 ඇතුළු සියලුම බෝවන රෝග පාලන රාජකාරීවලින් ඉවත්වීමට තීරණය කර තිබුණි. 

LANKANEWSWEB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *