එජාප ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදකී

2020 මහ මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශය අද එළිදැක්විණි.

එජාප ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීමේ අවස්ථාව එක්වෙමින් එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර ගනිමින් විධායක බලතල ද පාර්ලිමේන්තුව වෙත ලබා දී පාර්ලිමේන්තුව තවදුරටත් ශක්තිමත් කිරීම එජාපයේ අරමුණ බවයි. පසුගිය යහපාලන රජය යටතේ ස්ථාපිත කළ ස්වාධීන කොමිෂන් සභා තවදුරටත් ශක්තිමත් කළයුතු බව පෙන්වා දෙන එජාප නායකයා පවසන්නේ ස්වාධීන කොමිෂන් සභා අහෝසි කිරීම සඳහා එජාපය කිසිවිටෙකත් එකඟ නොවන බවයි.

තරුණ පරපුර දේශපාලනයෙන් ඉවත් වීම ප්‍රජාතන්ත්‍රවාදයට අද තිබෙන බරපතලම අර්බුදය බව පෙන්වා දෙන වික්‍රමසිංහ මහතා පවසන්නේ ඊට වගකිව යුත්තේ දේශපාලනඥයන් බවයි. වත්මන් දේශපාලනඥයන් මෙන්ම වත්මන් දේශපාලනයද තරුණ පරපුරට තිත්ත වී ඇති බවත්, ඒ අනුව එම තත්ත්වය වෙනස් කර තරුණ තරුණියන්ට ගැලපෙන, ඔවුන් ආදරයෙන් වැළඳගන්නා දේශපාලන සංස්කෘතියක් බිහිකළ යුතු බවත් එජාප නායකයා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *