බැඳුම්කර ගනුදෙනුව ගැන විමර්ශන තවම අවසන් නැහැ – සී අයි ඩී ය අධිකරණයට දන්වයි

2015 වසරේ සිදුවූ මහ බැංකු බැඳුම්කර වංචා සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ තවමත් අවසන් නැති බවත්  මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ තවදුරටත් විමර්ශන සිදුකරන බවත්  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (16) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.

එම පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඇප මත මුදාහැර සිටින පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් ඇතුළු සැකකරුවෝ  හත්දෙනා අධිකරණයේ පෙනී සිටියෝ ය.

එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු වේ නිලධාරීන් අධිකරණයට දන්වා සිටියේ , එම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන අවසන් නැති බව සහ  තවදුරටත් විමර්ශන පවත්වන බව ය.

ඊට අදාළව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ද විමර්ශන සිදු කෙරෙන බව එම නිලධාරීහු  අධිකරණයට දන්වා සිටියහ.

ඒ අනුව අදාළ පැමිණිල්ල නොවැම්බර් මස 12 වනදා කැඳවීමට නියම කළ අධිකරණය එදිනට මෙම පරීක්ෂණවල ප්‍රගතිය වාර්තා කරන ලෙස ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *