ඉදිරියේදි කොරෝනා පැතිරීමේ අවදානමක් ; විවිධ ස්ථාන වලින් රෝගීන් වාර්තාවීමට ඉඩ – යුද හමුදාපති

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ පිරිස් සමාජයේ විවිධ ස්ථානවලට ගොස් තිබෙන බැවින් ඉදිරියේදී විවිධ ස්ථාන වලින් රෝගීන් කිහිප දෙනෙක් හෝ වාර්තාවීමට ඉඩ ඇතිබව කෝවිඞ් 19 පාලනය කිරීමේ ක්‍රියාන්විතයේ ප්‍රධානි යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.
මේ සතිය ඉතාමත් වැදගත්. සියලුදෙනා බොහෝ කැපකිරීම් කරලා ලබාගත්ත සුබවාදි තත්ත්වය විනාශවෙන්න ඉඩ දෙන්න බැහැ. වැඩි වගකිමක් තියෙන්නෙ ජනතාව අතෙයි. එනිසා මුඛ ආවරණ පැළඳ ගෙන දුරස්ථබාවය රැකගෙන කටයුතු කරන්න ජනතාව වගබලා ගන්න ඕනැ. කෙසේ වෙතත් රෝගය පැතිරීම වළක්වීමට සියලු ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා. වැඩි දවසක් නොගොස් සියල්ල පාලනය කර ගත හැකිවනු ඇතැයි විශ්වාස කරන බව ඔහු පැවසුවේය.

CNH

Leave a Reply

Your email address will not be published. Required fields are marked *