කොවිඩ් 19 : දැන් 2665 යි; කන්දකාඩුවෙන් 532 යි

ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 ආසාදිත සංඛ්‍යාව 2665 දක්වා ඉහළ  ගොස් ඇති බව ඊයේ රාත්‍රියේ වාර්තා වීය.

ඊයේ දවස තුළ හඳුනාගත් ආසාදිතයන් සංඛ්‍යාව 19 කි.

කන්දකාඩු පොකුරෙන් වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාව 532 දක්වා ඉහල ගොස් ඇත.

කොවිඩ් 19 රෝගීන් සංඛ්‍යාව ඉහළ  ගිය ද ඇඳිරි නීතිය පැනවීමට හෝ නිවාඩු දින ප්‍රකාශයට පත් කිරීමට ආණ්ඩුව තීරණය කොට නැති බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව මහතා ප්‍රකාශ කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *