කන්දකාඩු කොවිඩ් පොකුර 519 ට නගී

කන්දකාඩු පුනරුත්තාපන කඳවුර ආශ්‍රිත කොවිඩ් පොකුරෙන් මේ වනවිට ආසාදිතයන් 519ක් හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කියයි .

ඒ අතරින් 440ක් කඳවුරේ රැඳවියෝ වෙති. කාර්ය මණ්ඩල සාමාජිකයන් 60 කට වැඩි පිරිසක් ද ආසාදනයට ලක්ව ඇති බව හමුදාපතිවරයා කියයි.

ඉතිරි පිරිස වාර්තා වන්නේ කඳවුරේ ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් අතරිනි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *