දේශපාලන පලිගැනීම් කොමිසමට එරෙහිව අනුරගෙන් , ශානිගෙන් අභියාචනාධිකරණයට පෙත්සම්

දේශපාලන පලිගැනීම් පරීක්ෂා කිරීම සඳහා පත්කොට ඇති ජනාධිපති කොමිසමෙන් නිකුත්කොට ඇති නොතීසි ඉවත් කර ගැනීමට නියෝග කරන ලෙස ඉල්ලා පෙත්සම් දෙකක් අභියාචනාධිකරණයට අද ඉදිරිපත් වී තිබේ .

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිශානායක මහතා සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධිපති ශනි අබේසේකර මහත්වරුන් විසින් මෙම පෙත්සම් ගොනු කොට ඇත.

අවන්ගාඩ් සමාගමේ අධිපති නිශ්ශංක සේනාධිපති මහතා විසින් ඉදිරිපත් කොට ඇති පැමිණිල්ලක් විභාග කිරීමට මෙම ජනාධිපති කොමිසමට නීතිමය බලයක් නැති බවත් එබැවින් එම පැමිණිල්ල අනුවතමන්ට  නිකුත්කොට ඇති  නොතිසි ඉවත් ක්කිරීමේ නියෝගයක් නිකුත්කරන ලෙසත් පෙත්සම්කරුවෝ ඉල්ලා සිතති.

දේශපාලන පලිගැනීම් පරීක්ෂාකිරීමේ කොමිසමට බලය ඇත්තේ රජයේ නිලධාරීන් , සංස්ථා මණ්ඩල නිලධාරීන් සහ ආරක්ෂක අංශ සාමාජිකයින් ඉදිරිපත්කරන පැමිණිලි විභාග කිරීමට පමණක් බව නීතිපතිතුමා ද පසුගිය දා දැනුම් දී තිබුණි. ඒ අනුව රජයේ නිලධාරියෙකු  නොවන නිශ්ශංක සේනාධිපතිගේ පැමිණිල්ල විභාග කිරීමට කොමිසමට බලයක් නැති බවට විරෝධතා එල්ල වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *