කන්දකාඩු කොවිඩ් පොකුරෙන් 492ක් හඳුනාගෙන

කන්දකාඩු පුනරුත්තාපන කඳවුර මුල් කරගත් කොවිඩ් පොකුරෙන් අද උදේ වනවිට කොවිඩ් ආසාදිතයින් 492ක් හඳුනාගෙන තිබු බව කොවිඩ් පාලන කාර්ය සාධක බලකායේ ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකශ කරයි.

කඳවුරේ රැඳවියන්, එහි උපදේශකයින් හා සේවකයින් , රැඳවියන් බලන්නට ආ පිරිස් සහ නිවාඩු ලබා ගම්වලට ගොස් සිටි අයගේ මගින් කොවිඩ් ආසාදනය වුවන් මේ අතර වන බව ශවේන්ද්‍ර සිල්වා මහතා කියයි.

කන්දකාඩු පොකුර මගින් ආසාදනය වුවන් හඳුනා ගැනීමේ පරීක්ෂණ තව දුරටත් පුළුල් කොට ඇති බව ද වාර්තා වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *