රාජාංගණය අගුළු දමයි ; රටපුරා බිය පැතිරෙයි

කොවිඩ් 19 රෝගීන් පිරිසක් හමු වී ඇති රාජාංගනයේ ප්‍රදේශ කිහිපයක සංචරණ සීමා පනවා ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කරයි .

එමෙන්ම කොවිඩ් 19 සමාජයීය වශයෙන් පැතිරීමේ අවදානමක් ගැන ද ඒ මහතා අනතුරු අගවා ඇත.

මේ අතර රට පුරා තැපැල් ඡන්දය අද පැවතිය ද රාජාංගනයේ ඡන්දය කල් දැමීමට මැතිවරණ කොමිසම කටයුතු කොට තිබිණි.

ප්‍රාදේශීය මාධ්‍යවෙදීන් පවසන්නේ රට පුරා බොහෝ ප්‍රදේශවල මහජනයා නගරවලට පැමිණීමෙන් වැළකී සිටි බවක් පෙනෙන්නට තිබුණු බවයි. කොවිඩ් රෝගීන් හමු වූ ඇතැම් ප්‍රදේශවල ඇඳිරි නීතිය පැවති කාලයට සමාන තත්ත්වයක් පැවති බව වාර්තාකරුවෝ කියති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *