ජනතාව පත්කළා මිස තම බුද්ධි මහිමයෙන් පත් නොවූ බව පාලකයින් තේරුම් ගත යුතුයි – ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය මහීම් මෙන්ඩිස්

2016.02.09 - Maheem Mendisගැටුම්වලට හේතුවන්නා වූ පසුබිමක් තුළ අරගලය නිෂ්ක‍්‍රිය වන විදිහේ වැඩ පිළිවෙලක් සිදු වුණේ නැත්නම් සැබැවින්ම නැවතත් අරගලයක් ඇති වේවි. ඒක පුදුමයට කාරණවක් නොවේ.

පසුගිය දා සමරනු ලැබුවේ 68 වන නිදහස් උත්සවයයි. අපේ රට නිදහස ලබා වසර 68 ක් පසුකර තිබෙනවා. අපිට සෑහීමකට පත්වෙන්න පුළුවන්ද දසක හතකට ආසන්න කාලයක් පුරා අපේ රට ලබා තිබෙන දියුණුව ගැන.

නිදහසින් පසුව අපේ රට ගමන් කරපු විලාශය ගැන හිතන විට සැබැවින්ම සතුටුවෙන්න පුළුවන් කමක් නැහැ. අපි විදේශීය පාලකයෙකුගේ දම්වැල් වලින් නිදහස් වුණා කියන හැ`ගීම නම් යමෙකුට ඇති වන්නේ, අපිව බැඳ දමා තිබූ දම්වැල් වලින් නිදහස්ව අපට යාමට තිබුනේ හිතුවක්කාර ලෙස කටයුතු කරන ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධි සංස්කෘතියක් තුළ නොවෙයි. එක්සත් ජාතීන්ගේ මානව අයිතිවාසිකම් පිළිබඳව ප‍්‍රකාශය තුළ ගැබ්වී තිබෙන්නා වූ මූලික සිද්්ධාන්තවලට ගරු කරමිනුයි අපි ඉදිරියට යායුතුව තිබුණේ. නමසිය හතලිස් ගණන් වල ඉඳලා පැමිණ තිබෙන ගමන තුළ නානාප‍්‍රකාරයේ  පක්‍ෂ බලයට පත්වෙලා තියෙනව. එයින් පිරිසක් වාමාංශිකයයි කියාගත්තා. තවත් අය දක්‍ෂිණාංශිකයි කියාගත්තා. නොයෙකුත් උදවිය බලයේ රහ විඳලා තියෙනවා. ඒ පක්‍ෂවල කටයුතු කරපු ආණ්ඩුවත්, නායකත්වය පුද්ගලිකවත් නිදහස් සමාජයකට ගැලපෙන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශ්ව මානව අයිතීන් පිළිබඳව ගරු කළ බවක් පෙන්වන්නේ නැහැ.

ඔබේ අදහස් දැක්වීමේදී ආර්ථික පැත්තට වඩා මානව නිදහස ගැන අදහස් දක්වන බවක් පේනවා. අපේ රටේ විවිධ රජයන් විසින් ගෙනෙන ලද ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා හා ව්‍යවස්ථා සංසෝධන රටේ ජනතාවට හිතකර වූයේ නැද්ද?

කොහෙත්ම නැහැ. නිදසුනක් විදිහට ගත්තොත් සොල්බරි ව්‍යවස්ථාවනේ පසු 1970 ප‍්‍රථම ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව ඇති වෙන මොහොතෙදි මේ රටේ ආණ්ඩුක‍්‍රම  ප‍්‍රතිසංස්කරණ පිළිබඳ අමාත්‍ය ධූරය දැරූ, වාමාංශිකයෙකු කියා කියාගත්තා වූ සමසමාජ පක්‍ෂයේ ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වාට ඉතාමත්ම මහ`ගු අවස්ථාවක් ලැබුණා, හොඳ ප‍්‍රගතිශීලී බුද්ධිමත් නැඹුරුවකින් යුතුව සමානාත්මයට ගරු කරන්නා වූ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් බිහි කරන්න. නමුත් මේ වාමාංශික නැඹුරුවක් තිබුණායැයි කියූ, විශ්වවිද්‍යාල ආචාර්ය උපාධියක් තිබුණා වූ ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා මහතා පරිනත මිනිසෙකු වශයෙන් ප‍්‍රථම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ ‘‘බුද්ධ ධර්මය රාජ්‍ය ආගම වේ’’ය කියලා කිව්වේ, මේ රටේ හින්දු, මුස්ලිම්, බෞද්ධ, ක‍්‍රිස්තියානි, ඒ වගේම ආදිවාසීන් වැනි අයගේ විවිධ ආගම් තිබෙන බව දැන දැනමයි. මේක හරියට දවල් මිගෙල්, ? දනියෙල් කතාවක් වගේ. මේ වගේ උදවිය සමහරක් වෙලාවට හිතන විදිහ හිතුවක්කාරියි. ඇතැම් විට සාමාන්‍ය ජනතාව ඔවුන්ට වඩා ප‍්‍රබුද්ධයි. මේ ව්‍යවස්ථාමය බීජ, බෙදුම්වාදී බීජ කියලා කියන්න පුළුවන්. රජය දෙකඩ වෙන, කොටස් ගණනාවක්ට වෙන්වෙන බීජ වැපිරීම ඉතාමත්ම අභාග්‍යයක් කියල කියන්නට අවශ්‍යයි. සමානාත්මතාවය අගයන ජාතීන්, ආගම් වශයෙන් නොයෙකුත් ජන කොටස් ජීවත්්වෙන සමාජයක එවැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් බිහිවීමෙන් නොයෙකුත් ගැටළු ගණනාවන් ඇති වුණා. ඒවාට නිදසුන් දෙන්නට පුළුවන්. භාෂාව සම්බන්ධයෙන්, නොයෙකුත් ආකාරයෙන් ගැටළු මතු වුණා. 1956 දී සිදු වූ කතන්දරය අපි කවුරුත් දන්නවා. ඉන් පසුව වරින් වර ජාතිය මුල් කරගෙන, ආගම මුල් කරගෙන ගැටුම් නිර්මාණය වුණා.

1978 දෙවන ජනරජ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට නායකත්වය ලැබෙන්නේ එක්සත් ජාතික පක්‍ෂයෙන්. මේ උදවිය ද ඒ ආකාරයෙන්ම ප‍්‍රතිගාමී පදනමක් මත තමයි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව හා ඊට අනුකූල වූ සංසෝධන ඉදිරිපත් කර තිබෙන්නෙ. ඒ සංසෝධන සහ ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවේ තිබෙන්නා වූ මූලික කරුණු මත, (මට මතක විදිහට 6 වෙනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංසෝධනය නිසා* අමිර්තලිංගම් වැනි අය පාර්ලිමේන්තුවෙන් ඉවත් වීමට තීරණගත්තා. ඒ ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා සංසෝධන ඉතාමත් ප‍්‍රතිගාමි ලෙස, ‘‘එක ජන කොටසකගේ අදහස තවත් ජන කොටසකට බලහත් කාරයෙන් උගුරු දණ්ඩෙන් පහළට තල්ලූ කරන්නා වූ’’ එකක්.

මේ ප‍්‍රතිගාමි ව්‍යාපාරයට මේ සෑම දේශපාලන පක්‍ෂයක්ම සම්බන්ධයි. වාමාංශික වේවා, දක්‍ෂිණාංශික වේවා,  ඕන මනුස්සයෙකුට පුළුවන් තමුන් සමාජවාදී අදහස් තිබෙනවාය, ලිබරල් අදහස් තිබෙනවාය කියා කියන්න. නමුත් අපි දන්නා මූලික දේශපාලන පක්‍ෂ දෙක හා ඊට සම්බන්ධ වූ වාමාංශිකයි කියා ගත්තා වූ පිරිස් කිසි විදිහකින් ප‍්‍රගතිශීලි දර්ශනයක් මත පිහිටා, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශ්ව ප‍්‍රකාශයේ තිබෙන්නා වූ මූලික ප‍්‍රමිතීන්වලට ගරු කළ බවක් පෙනෙන්න  නැහැ. ඒක ස්ථිරවම කිව හැකියි.

නව ව්‍යවස්ථාවක් හෝ ප‍්‍රබල ව්‍යවස්ථා සංසෝධනයක් ගැන දැන් කථිකාවතක් තියෙනවා. දීර්ඝ කාලයක් ඇති ඇදී එන ජනවාර්ගික ප‍්‍රශ්නයට පිළිතුරු ලැබෙන නව ව්‍යවස්ථාවක් හෝ ව්‍යවස්ථා සංසෝධනයක් මෙවර ඇති වෙයිද?

අලූතෙන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් ඇති වෙනව නම්, මේ රටේ ඇති වූ මහා, ව්‍යසනකාරී විපර්යාසවලට පිළිතුරු දෙන්නා වූ, තවදුරටත් මේ අයුරින් මලානික ගමනක් නොයන, ආලෝකමත් දර්ශනයක් හරහා යන්නට පුළුවන් ව්‍යවස්ථාවක් ඇති කර ගත යුතුයි. එය ඉටු කර ගැනීමට සුදුසු කාලය පැමිණ තිබෙනවා. ඒ වගේම කලින් සඳහන් කළ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කරුණු සම්බන්ධව විශේෂ අවධානය යොමු කළ යුතුයි.

ඉන්දියාවට පින්සිදු වන්නට බුද්ධ ධර්මයත්, හින්දු ධර්මයත් මේ රටට දායක වුණා. ජනසම්මතවාදී, ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමයක් තිබෙන්නාවූ ඇමරිකා එක්සත් ජනපදය දිහා බැලූවොත් කවුරුත් කියන්නෙ නැහැ ක‍්‍රිස්තියානි ආගම රාජ්‍ය ආගම විය යුතුය, ඉන්දියාවේ කවුරුත් කියන්නෙ නැහැ හින්දු ධර්මය රාජ්‍ය ආගම වියයුතුය කියල. මේ උදවිය ඇමරිකාවෙන් ඉගෙන ගන්නෙ නැත්නම් අඩු ගණනනේ මේ රට ශිෂ්ඨ සම්පන්න වෙච්ච ඉන්දියාවේ ආභාෂයවත් ලබන්නට පුළුවන් නම්, මේ රටේ ජනතාවට වටිනාකමක් ඇත. නැත්නම් මේ පාලකයන් සම්බන්ධවත් ඇතිවෙන හොඳක් නැත කියා කිවයුතුයි.

මේ රටේ ජාතීන් අතර ඇති ගැටළු සමනය කිරීම පිණිස අලූත් ව්‍යවස්ථාවක් සම්මත කරගැනීම සඳහා. ඒ පිළිබඳ මත විමසීම්, නොයෙක් කතාබහ මේ දිනවල සිදුවෙනවා. එයට පාර්ලිමේන්තුවේ 2/3 ක බලයක් ලබාගැනීමට හැකිවෙයිද? අධිකරණ තීන්දුවක් මත ජනමත විචාරණයකට යාමට සිදුවෙයිද? ජනමත විචාරණයකට ගියහොත් ජනතාව මොනවගේ ප‍්‍රතිචාරයක් දක්වයි කියලා අනුමාන කරන්න පුළුවන්ද?
මේ ප‍්‍රශ්ණයට දශක ගණානාවක් තිස්සේ හරියාකරව උත්තරයක් නොලැබුණේ ඇයි? මේක මහ පුදුම රටක්. 1948 න් පස්සෙ ජනසම්මතවාදී, ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාමුවට පිවිසුණාය, කියපු මේ උදවිය (රට වැසියා සහ පාලකයන්* ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ගරු කළ බවක් පෙනුනෙ නැත්නම්, මේ ආකාරයේ ප‍්‍රතිගාමී ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා දෙකක් ඇති කළා නම්, ඊට හේතුව මොන විදිහේ අධ්‍යාපනයක් මේ උදවියට තිබුණත්,  ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ දැනුම ඉතාමත් අල්පයි. එහෙමත් නැති නම් එසේ දැනුමක් නැත්තටම නැති මට්ටමක් තිබෙනවාය කියන දේ තමයි ඔප්පු වෙන්නෙ.

ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වාටවත් මේ මූලික කරුණු කීපය පිළිබඳව අවබෝධයක් නොතිබුණාය කියලා කෙනෙකු පිළිගන්න අකමැති වුණත්, එසේ අවබෝධයක් නොතිබුණු විලාශයෙන් තමයි ඔහු කටයුතු කරලා තියෙන්නෙ. තවත් ආචාර්ය උපාධි තිබෙන්නාවූ අය ඒ වකවානුවේ හිටියා. ආචාර්ය එන්.එම්.පෙරේරා හිටියා. එස්. ඒ. වික‍්‍රමසිංහල හිටියා. ලෙස්ලි ගුණවර්ධනලා හිටියා. විවියන් ගුණවර්ධලා හිටියා. චම්ලි ගුණවර්ධනලා හිටියා. බුද්ධිමත් මනසක් තිබෙන්නා වූ තවත් පිරිසක් හිටියා. මේ කිසිවෙකු කිව්වෙ නෑ මේ කරුණ ආශ‍්‍රිතව ඇති වන්නේ භේදයට ලක්වන්නා වූ, ගින්නට හසුවන්නා වූ රටක් කියලා. ඒක තේරුන්නේ නැත්නම්, මේ අය ඒ සිද්ධාන්ත පිළිබඳව නොතේරුණු මිනිසුන් කියලා අපිට විග‍්‍රහ කරන්නට, අර්ථ කථනය කරන්නට සිද්ධ වෙනව.

සමානාත්මතාවයට ගරු කරන්නේ නැති රටක් තමයි අපිට තියෙන්නේ. ‘‘සියලූ සත්ත්වයන් නිදුක් වෙත්වා, නිරෝගි වෙත්වා, සුවපත් වෙත්වා’’ යන බෞද්ධ දර්ශනය හරහා අපි හිතලා බැලූවත්, ‘‘සියලූ දෙනා දේවදරුවන්’’ය කියන ක‍්‍රිස්තියානි ධර්මය අනුව හිතුවත්, අපිට ප‍්‍රශ්නයක් තියෙනව. මේ අය බුද්ධ ධර්මය තේරෙන්නෙත් නැති, ක‍්‍රිස්තියානි හෝ වෙනත් ධර්මයක් ගැනවත් නොතේරෙන, මිත්‍යාදෘෂ්ටික, අවිද්‍යාත්මක උදවියක් තමයි කියල. සංඝයා වහන්සේ වේවා, පූජක පක්‍ෂය වේවා මේ උදවියගේ හැසිරීම් රටාව පෙන්නුම් කරන්නේ සියලූ ආගම් විරෝධි, ප‍්‍රතිගාමි කොටස් ජීවත්වෙන බවයි. පන්සල්, පල්ලි තුළින් වත් සැබෑ අවබෝධයක් පෙනෙන්නට නැහැ. එවැනි තත්ත්වයක් තුළ පාර්ලිමේන්තුවේ සිටින පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 225 දෙනා මේ රටේ ජනතාවගේ ප‍්‍රතිරූපණයක් පමණයි. නැහැදිච්ච, අ¥රදර්ශී පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්, ඇමතිවරු ඉන්නවා නම් ඒ පිළිබඳව සැකයක් තියෙනවා පාර්ලිමේන්තුව තුළින් සම්මත කරගැනීමේදී. ජනමත විචාරණයකට ආවත් හිතන්න තියෙන්නේ නොදියුණු මිනිසුන් ගන්නා තීරණය සැකසහිතයි කියන එක තමයි.

ජනතාව තිබෙන ආණ්ඩු පන්නලා අලූත් ආණ්ඩු පත්කර ගන්නවා. වසර 5 න් 6 න් ආණ්ඩු මාරුවෙනවා. එයින් ජනතා බලාපොරොත්තු ඉටුවෙනවද?

එහෙම ඉටු වෙනව නම්, අවුරුදු 70 න් තිස්සේ අපිට ප‍්‍රශ්න ඉතුරුවෙයිද? අප කොතරම් නොදියුණු රටක්ද? අපි අධ්‍යාපනය ගැන බලමු. දිස්ත‍්‍රික් 25 ක අධ්‍යාපන ක‍්‍රමය දිහා බැලූවොත්, විද්‍යාගාර නැති, පුස්තකාල නැති, ගුරුවරු නැති, වැසිකිලි නැති පාසල් පද්ධතියක් 1948 සිට 2016 වෙන කම් මේ රාජ්‍යයේ තුළ හිතුවක්කාර, නොහොබිනා, ප‍්‍රතිගාමි වාමාංශික හා දක්‍ෂිණාංශික රජයන් හරහා පාළනය වෙලා තියෙනව.
ජනතාව අතර සමානාත්මතාවය පිළිබඳ අවබෝධයක් ඇත්තෙම නැති තත්ත්වයක තමයි ආණ්ඩු සිටියේත්, ඉන්නේත්. අවස්ථා ගණනාවක තරුණයන් ආයුධ සන්නද්ධව නැගිටීමක් ඇති වෙන්නේ කුමක් නිසාදැයි හිතන්නවත් පුළුවන් පාලකයො නොවෙයි පහළ වෙලා ඉන්නේ. ඒ අයට දැනුම නැති බවක් පෙනෙනවා. ඒ නිසා ඉදිරියට යාමට හැකි වෙන්නේ මේ ජනසම්මතවාදී, ප‍්‍රජාතන්ත‍්‍රවාදී, මූලික සිද්ධාන්තය හරියාකාරව දැනුම්වත් වුවොත් පමණයි.

ප‍්‍රජාතන්ත‍්‍රවාදය නමට අවබෝධ කරගැනීම නෙමෙයි කළ යුත්තේ, එය ආත්මීය වශයෙන් තේරුම්ගත යුතුයි. :ීචරසඑැ දෙ  ආත්මීය වශයෙන් තේරුම් ගත හැකි පරිසරයක් ඇති වුණොතින් යහපත් ආණ්ඩුවක් ඇති වෙයි. ජනවාර්ගික ප‍්‍රශ්නයක් ඇති නොවෙයි. වෙනත් ප‍්‍රශ්නවලටත් විසඳුම් ලැබේවි. නමුත් ඒ සිද්ධාන්ත පිළිබඳ අවබෝධය හැම ජනවාර්ගිකයන්ටම ලබා නොදුන්නා වූ පාප කර්මය හේතුකොට ගෙන අපට තිබෙන්නො වූ අභියෝගය බරපතලයි.

ජනවාර්ගික ප‍්‍රශ්ණයට විසඳුම් ඇතුළත් නව ව්‍යවස්ථාවක් හෝ සංසෝධනයක් ජනමතයකට දැම්මොත් මොනවගේ ප‍්‍රතිචාරයක් ඇතිවෙයි ද? මම කලින් අහපු ප‍්‍රශ්නයක දිගුවක් ලෙසයි නැවතත් ප‍්‍රශ්න කරන්නෙ.

අපි නිදසුනක් විදිහට බලය පිළිබඳව ගත්තොතින්, සියළු වාර්ගිකයන්ට තමන්ගේ සමාජ, ආර්ථික, දේශපාලන, සංස්කෘතික, සදාචාරාත්මක කටයුතු තමන්ගේ පැවැත්මට අනුකූලවන පරිදි විසඳා ගන්නට පුළුවන් පාළන ක‍්‍රමයක් ඇති වෙන්නේ බලය බෙදාහැරීමෙන්. එය කළ හැක්කේ සමානාත්මතාවය පිළිබඳ විශ්වාසයක් තිබෙනවා නම් පමණයි. බලහත්කාරයෙන් සිංහල ජනතාව, තවත් කොටසකගේ උගුරු දණ්ඩෙන් පහළට යමක් තල්ලූ කරනවා නම්, ඒකට හේතුව ඒ මූලික සිද්ධාන්ත පිළිබඳව අවබෝධය නොලැබීමයි. විශාල බලාපොරොත්තු තියාගන්නට අමාරුයි. ජනමතයකට දැම්මත් ගැටළු ඉස්මතු වෙන්නට පුළුවන්. බොහෝදුරට මේ නොදැනුවත් කම හේතුකොට ගෙන යුක්ති සහගත, සමානාත්මතාවයට ගරු කරන්නා වූ සාධාරණ සමාජයකට ගැලපෙන ආකාරයකට ජනමත විචාරණයක දී ජනතාව ප‍්‍රතිචාර දක්වයිද කියන කාරණාව පිළිබඳව විශාල සැකයක් තියෙනව. පරුවේ කළ පිනකට මොළේ පෑදිලා කටයුතු කෙරුවොත් හොඳයි. ඇත්තටම මොන විදිහකට ජනතාව හිතයිද කියන එක ගැන මේ වෙලාවේ අනාවැකි පළකරන්නට අමාරුයි.

විරැුකියාව ඇතුළු ප‍්‍රශ්න රැුසක් මුල්කර ගෙන 1971 තරුණ නැගිටීමක් ඇති වුණා. එදා ඇති වූ මර්ධන නිසා යළිත් මේ වගේ කැරැුල්ලක් ඇති නොවන බව හැමෝම ප‍්‍රකාශ කෙරුවා. එම හේතූන්පාදක කරගෙනම  1988 – 1989 වකවාණුවෙත් තරුණ නැගිටීමක් ඇති වුණා. ඒ වගේම අවුරුදු 30 ක් පුරා උතුරේ තරුණයෝ රජය සමග සටනක් කෙරුව. දකුණෙ දෙවරක් නැගිටීම් ඇති වුණා වගේම, උතුරෙන් යළිත් නැගිටීමක් ඇති නොවෙයි කියලා හිතන්න පුළුවන්ද? උතුරේ ජනතාවගේ අපේක්‍ෂාවන් ඉටුවෙයිද? ඔවුන්ගේ ප‍්‍රශ්ණ වලට මේ යන ක‍්‍රමය තුළ විසඳුම් ලැබෙයි ද?

1971 දල වශයෙන් 25.000 – 30.000 ක් පමණ තරුණයන් ජීවිතය පූජා කළා. 1988 – 1989 වකවානුව තුළ ජීවිතය පූජා කළ පිරිස ඇතැමුන් කියනවා 50.000 – 65.000 ක් පමණ කියලා. කෙසේ නමුත් 1971, 1989 යන වකවාණුව තුළ මේ රටේ ජනතාව අරගලකාරී ක‍්‍රමයක් තුළින් පාළන බලය ලබාගැනීමට ගොස් මරු මුවට පත්වුණා. සාමාන්‍ය යෙන් අවුරුදු 3 ක් ඇතුළත. කොටි සංවිධානය හා රාජ්‍ය ත‍්‍රිවිධ හමුදාව අතර සටනේ දී (1974 දොරේඅප්පා ඝාතනයේ සිට 2005 පමණ වෙනතුරු කාලය තුළ* 85.000 ක් මියගිය බව කියනවා. 2005 සිට යුද්ධය අවසාන වන විට ලක්‍ෂයක් පමණ මිය ගිය බව කියනවා. (ඒ පිළිබඳවත් නිවැරැුදි සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කරන්න ශිෂ්ඨ සම්පන්න රාජ්‍ය ක‍්‍රමයක් නැති නිසා හරියටම කිව නොහැකියි.* කොහොම වුණත් මේ ගැටුම්වලින් ලක්‍ෂ 3 ක පමණ ජනතාවක් මරු මුවට පත් වුණා අපේ ජීවිත කාලය තුළ. දැන් යුද්ධය හමාර වී තිබෙනව. ඇතැම් උදවිය කියනවා  අර්බුදය අවසන් වුණා කියලා. ඒක පට්ටපල් බොරුවක්.

පස්චාත් යුධ සමයක් තියෙනව. විචාරවත් විසඳුම් ලැබිල නැත්නම්, 1971, 1979 ජනතා විමුක්ති පෙරමුණ අනුබද්ධිත දේශපේ‍්‍රමි ජනතා ව්‍යාපාරය හරහා ඇති වූ තත්ත්වයට යන්නට පුළුවන් කමක් තිබෙනවා, අපි කියන්නෙ නැහැ දෙමළ ජනතාව සහ සිංහල වැසියා රාජ්‍යට විරුද්ධව කලින් යුද්ධ කරපු විලාශයෙන්ම යුද්ධ කරාවි කියල. ඒ විදිහටම ආයුධ සන්නද්ධ මාරාන්තික කැරැුල්ලක් ඒ ආකාරයටම ඇති වේවි කියල. එහෙම වෙයි කියල, කියන්නට පුළුවන් කමක් නැහැ. විසිඑක්වන සියවසේ විධි ක‍්‍රම වෙනස්, කිසි විදිහකින් රාජ්‍යයේ කටයුතු ස්ථාවර බවකින් ඉදිරියට ගෙනයාමට පුළුවන්කමක් නොලැබෙන වැඩ සටහන්, උපක‍්‍රම ඒ උදවිය පාවිච්චි කරන්න පුළුවන්. රජයේ පැවැත්මට, ස්ථාවර භාවයට හිතකර නොවන්නා වූ අරගල සහ වෙනත් විධික‍්‍රම පාවිච්චි කරාවි කියලා අපිට අනාවැකි පළකරන්න පුළුවන්. මොන ආණ්ඩුවත් බලයට ආවත්, කොයි ආණ්ඩුව තිබුණත් මේ ප‍්‍රශ්නවලට විචාරවත් විසඳුම් ලැබිල නැත්නම්. ඒක සවභාවධර්මයේ නීති පද්දතිය අනුව විය යුතු දෙයක්. ගැටුම්වලට හේතුවන්නා වූ පසුබිමක් තුළ අරගලය නිස්ක‍්‍රිය වන විදිහේ වැඩ පිළිවෙලක් සිදු වුනේ නැත්නම් සැබැවින්ම නැවතත් අරගලයක් ඇති වේවි. ඒක පුදුමයට කාරණවක් නොවේ.

කල්පනාවක් ඇති පාළකයන් නම් ඉන්නේ, ජනතාවගේ පශ්නවලට විසඳුම් දීමට දැනටමත් ඔවුන් ප‍්‍රමාද වැඩියි. අපි ජීවත් වූ කාලයේම මොන වර්ගයකට අයිති වුවත් මේ රටේ ශ‍්‍රී ලාකික ජනතාව ලක්‍ෂ 3 ක් මරුණ නම්, පාඩම් ඉගෙන ගැනීමට කාලය පැමිණ තිබෙනවා. ඇති නොවිය යුතු ගැටුම් ඇති කිරීමට මොවුන් කරයුතු කරනවා.

 අලූතින් දේශපාලන පක්‍ෂයක් බිහිවෙමින් පවතිනවා. එය නම් කර තිබෙන්නේ ‘‘සිංහ ලේ’’ නමින්. එහි නමින පේනවා එම පක්‍ෂය එක් ජාතියක් පමණක් නියෝජනය කරනවා කියල. ආගම හෝ ජාතිය මුල්කරගෙන දේශපාලන පක්‍ෂ බිහිකිරීම ප‍්‍රජාතන්ත‍්‍රවාදය අගය කරන රටක යුක්ති සහගතද දේශපාලන කටයුත්තක්ද?

කිසිසේත්ම යුක්තිසහගත නැහැ. ඉතාමත්ම පිළිකුල් සහගත දෙයක් තමයි වර්ග වාදය කියලා කියන්නේ. නොදියුණු, විද්‍යාත්මකව සිතන්නට බැරි, බුද්ධ ධර්මය තේරුම් ගන්නට බැරි, ක‍්‍රිස්තු ධර්මය, හින්දු ධර්මය, නොදන්නා වනචාරීන් අදහන්නාවූ දෙයක් තමයි ග්‍රෝත‍්‍ර වාදය. වනචාරි කියා හඳුන්වන්නාවූ, මිනීමස් පවා කාපු සමාජයන් පවා දැන් වෙනස් වී තිබෙනවා මිනීමස් නොකන තත්ත්වයකට, ඔවුන් ද ලේ පිපාසාව නැතිකර ගෙන තියෙනව.

සත්ත්වයෙකු ලේ ගැන කතාකරන කාලයක නෙමෙයි මේ රටේ මිනිසුන් සිටිය යුත්තේ. අප රට විශේෂයෙන්ම ජාත්‍යන්තර වශයෙන් දැඩි අපකීර්තියට ලක් වූ රටක් බව පැහැදිළිවම කිය යුතුයි, මේ රට ශිෂ්ඨ සම්පන්න කළා වූ, බුද්ධ ධර්මය දායක කළා වූ ඉන්දියාවේ පැහැදීමටවත්, බටහිර ලෝකයේ පැහැදීමටවත් ලක් නොවුණු රටක් විදිහට, අපකීර්තියට ලක් වූ රටක් මීට වඩා බුද්ධිමත් විදිහට, ප‍්‍රබුද්ධ ආකල්ප අනුව, ‘‘සියලූ සත්ත්වයන් නිදුක් වෙත්වා’’ කියන ධර්මය තේරුම් ගත්ත පිරිසක් විදිහට පෙනී සිටීමට අවශ්‍යයි.
විශේෂයෙන්ම මේ ටරට කීර්තිමත් රටක් විදිහට ජාත්‍යන්තර ප‍්‍රජාව අතර මතයක් ඇති වෙනවා නම්, ඒ මේ රට බුද්ධ ධර්මයේ කේන්ද්‍රස්ථානයක් නිසා. සියලූම ආගම්වලට ගරු කරන්නා වූ බුද්ධ ධර්මය පිළිබඳ විශේෂ ඓතිහාසික පසුබිමක් තිබෙන්නා වූ රටක් වශයෙන් මීට වඩා ශිෂ්ඨ සම්පන්න රටක් විදිහට පෙනී සිටින්නට අවශ්‍යයයි. බුද්ධ ධර්මය පිළිබඳ නොතෙරෙන්නා වූ මිනිස්සුන්ට, ජාත්‍යන්තරව ශ‍්‍රී ලංකාව ඉතාමත්ම පිළිකුල් සහගත නොදියුණු රටක් විදිහට ප‍්‍රතිරූපණයක් නොවිය යුතුයි.

ඒ නිසා සිංහලේ, අර ලේ, මේ ලේ ගැන කතා කරන මොහොතක් නෙමෙයි අද තියෙන්නෙ. බැටකාපු, ඉතාමත් වෛරයට පාත‍්‍ර වූ ජනයාට, (ආදි වාසිකයන්ගෙන් පටන් ගත්තාම මේ සියළුම ජනතාවට* යුක්තිය ඉෂ්ට විය යුතු මොහොතක් විනා සිංහලේ, අර ලේ මේ ලේ ගැන කතාකරන මොහොතක නෙමෙයි අපි අද ඉන්නේ.

ජනාධිපතිතුමා මෑතකදි කියනවා ‘‘ෆෙඩරල් කියයනවිට දකුණ බයවෙනවා, ඒකීය කියනවිට උතුර බයවෙනවා’’ කියල. එසේනම් අපි යායුත්තේ කොතනටද?

පාළකයන් නොයෙකුත් අවස්ථාවන්වල ‘‘ෆෙඩරල් කිව්වොත් දකුණ බයවෙනවා, ඒකීය කිව්වොත් උතුර බයවෙනවා’’ කියල කියලා තියෙනවා. පාළාත් 9 ක, දිස්ත‍්‍රික් 25 ක ජනතාව ජනවරමක් හරහා ආණ්ඩුවක් බිහි කරගෙන තියෙනව. ආණ්ඩුව තුළ නායකත්වයක් තියෙනව. ඒ නායකත්වය ජනතාව දීපු ජනවරමක් ලබා ගත්තේ, සියළු දෙනාට යුක්තිය ඉෂ්ඨ වන්නාවූ ආණ්ඩු ක‍්‍රමයක් ඇති කිරීම සඳහායි. ඒ නිසා අරයා බයවෙනවා, මෙයා බයවෙනවා කියන කතාව නෙමෙයි. තමන් ප‍්‍රබුද්ධ අදහස් ඇති පුරවැසියෙකු වශයෙන් තමන්ට ජනවරමක් ලැබුණා නම්, තමන් සිටය යුත්තේ මොන පදනමක පිහිටා ද කියා තමන්ගේ පපුවට තට්ටුකර ඇසිය යුතුයි. නැතුව අරයා බය වෙනවාය, මෙයා බය වෙනවාය යන කතන්දර කියන මොහොතක් නෙමෙයි. ඒ කතාව රාජ්‍ය පාළනය සම්බන්ධයෙන් ප‍්‍රතිගාමී, පරාධීන යොමුවක්. එය වත්මන් ජනාධිපතිවරයා කිව්වාද, කලින් ජනාධිපතිවරයා කිව්වාද, අගමැතිවරුන් කිව්වද කියන කාරණාව නෙමෙයි වැදගත්. තමන් දරන්නා වූ ස්ථාවරය කුමක්ද? කියන එකයි වැදගත්. ඒ ස්ථාවරයට අනුකූලව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් තිබිය යුතුයි, ආණ්ඩු ක‍්‍රමයක් පහළවිය යුතුයි. ඉන් එහාට අපිට කිවයතු දෙයක් නැහැ. විශ්වවිද්‍යාලවල ඉන්නා අය වශයෙන් අපි උකුසු ඇසින් යුතුව මේ රටේ පාළකයන් දිහා බලාගෙන ඉන්නවා, යුක්තිය ඉෂ්ඨ කරන්නට තරම් බුද්ධිමත් මනසක් මේ උදවියට තිබෙනවාද? නැද්ද? කියල.

අගමැතිතුමා ජනමාධ්‍ය පිළිබඳව පාර්ලිමේන්තුවේදී කරන ලද විවේචනය විශේෂ කතාබහකට ලක් වුණා. ඒ පිළිබඳව ඔබේ අදහස. දේශපාලඥයා විසින් ජනමාධය හැසිරවීමට යායුතද?

‘‘ජනසම්මතවාදී ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාමුවක් තුළ මුර බල්ලෙකු සේ තම කාර්ය ඉෂ්ඨ කරන්නා වූ කණ්ඩායමක්’’ වශයෙනුයි ජනමාධ්‍ය හඳුන්වනු ලබන්නේ. ජනමාධ්‍ය දැනගත යුතුයි ජනසම්මතවාදයට ගැළපෙන විදිහට අදහස් ප‍්‍රකාශ කරන්න, නිර්භයව  නිසිවෙකුට යටත් නොවී සත්‍යය ඒ අයුරින් ප‍්‍රකාශ කරන්න. පාළකයා ජනසම්මතවාදී, ප‍්‍රජාතන්ත‍්‍රවාද රාමුව තුළ ජනාධිපතිවරුන්, අගමැතිවරුන් වෙනත් වෘත්තියන් කොහොමද හැසිරෙන්නට උවමනා කියනා කාරණාව පිළිබඳව උද්දච්ඡු කතා නොකිය යුතුයි. අගමැතිවරුන් මාධ්‍ය හෝ වෙනත් වෘත්තිමය සංවිධානයන් මෙහෙවීමට කටයුතු නොකළ යුතුයි. ඔවුන්ගෙන් ජනතාව බලාපොරොත්තු වන්නේ ආදර්ශමත්, වගකීමක් ඇති පාළනයක් ගෙනයාම. නීතියේ ආධිපත්‍යය සුරක්‍ෂිත වූ රටක් වෙනුවෙන් පෙනී සිටිනවා මිසක් වෙන උදවියට උද්දච්ච අයුරින් නම් ප‍්‍රකාශ කරමින් පහර දීම නොකළ යුතුයි.

මේ මොහොතේ ඇත්තේ අපි ඇති කරන ලද වෙනසක්. යහපාළනය සඳහා වූ ආණ්ඩු ක‍්‍රමයක් සඳහා අපි ජනතාව වෙනුවෙන් කැපවී සිටියා. සිවිල් සමාජය, සිවිල් දේශපාලන සමාජය මේ සඳහා කැපවුණා. ඒ සමාජ විපර්යාසයේ ප‍්‍රතිඵලයක් වශයෙන් පක්‍ෂයක් බලයට පත්වී සිටිනවා. ඔවුන් තමන්ගේ බුද්ධි මහිමයෙන් පාළකයන් බවට පත්වුණා නොවෙයි, මේ උදවිය ජනතාව විසින් පත් කරල තියෙනව. එහෙම නම් මතක තබාගන්න  ඕනෙ, ජනසම්මතවාදී ශ‍්‍රී ලංකාව තුළ ඔවුන් ජනතා සේවයන් මිසක්, ජනතාවගේ ස්වාමියා නොවන විත්තිය. අගමැතිවරයාද, ඇමතිවරුද, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුද , ජනාධිපතිවරයාද ජනතාවගේ කීකරු සේවකයන්ය. ආදර්ශමත් විදිහට ජීවත්වන්නා වූ කීකරු සේවකයන් මිසක් ස්වාමියා නොවන බව තේරුම් ගන්නා තෙක් මේ රටේ ජනසම්මතවාදයට තැනක් තියෙවී, ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්‍ෂා වේවි. එහෙම නැතුව වෙන දර්ශනයක් ඇදහීමට ඔවුන් කටයුතු කළහොත්, නැවත වරක් ජනතාව කුපිත වී කලින් බොහොම හිතුවක්කා විදිහට මිනිසුන්ට ගහල, බැනල, හිරේ දාලා කටයුතු කරපු පාළකයන්ට කරපු දේ ජනතාව නැවතත් සිදු කරාවි.

  ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය මහීම් මෙන්ඩිස්
සමාජ අධ්‍යයන අංශය – ශ‍්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය

සාකච්චා සටහන මනෝජ් රූපසිංහ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *