13 වැනි සංශෝධනය ආරක්ෂා කරනවා ඒකීය රටක් තුළ බලය බෙදිය යුතුයි – සජිත් උතුරේදී පවසයි

facebook sharing button
messenger sharing button

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනයට තමන් සම්පූර්ණයෙන් එකඟ බවත්, ඒකීය රටක් තුළ 13 වැනි සංශෝධනය හරහා උපරිම බලය බෙදීමක් ලබාදීම වෙනුවෙන් තමන් පෙනී සිටින බවත් සමගි ජන බලවේගයේ නායක, හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ උතුරේ සංචාරයක් අතරතුර අද (02) යාපනය මාධ්‍ය සමාජයේදී පැවති මාධ්‍ය හමුවට සහභාගි වෙමිනි.

පළාත් සභා තවදුරටත් ශක්තිමත් කර ඒ හරහා ජනතාවට වඩාත් කාර්යක්ෂම සේවාවක් ලබාදීම වෙනුවෙන් තමන් පෙනී සිටින බවයි ඔහු එහිදී වැඩිදුරටත් අවධාරණය කළේ.

තම පියා විසින් ආරම්භ කළ පසුගිය වසර හතර තුළ ක්‍රියාත්මක කළ නිවාස වැඩපිළිවෙල තවත් ශක්තිමත් ලෙස සිදු කිරීම තමන්ගේ අරමුණ බවත් ඒ අනුව 2025 වනවිට රටේ ජීවත් වන සියලු දෙනාටම නිවසක් හිමිකර දීම තමන්ගේ බලාපොරොත්තුව බවත් සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

උතුර – දකුණ යන කිසිදු භේදයකින් තොරව රටේ සිදු වූ සියලු ඝාතන සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්විය යුතු බවත් සියලු දෙනාට යුක්තිය ඉටුවිය යුතු බවත් ප්‍රේමදාස මහතා අවධාරණය කරනවා. නීතිය සියලු දෙනාට සාධාරණ ලෙස ක්‍රියාත්මක වියයුතු බව ද ඔහු අවධාරණය කරනවා.

UN

Leave a Reply

Your email address will not be published. Required fields are marked *