MCCඅත්සන් කරන්න ආණ්ඩුව අමෙරිකාවෙන් කල් ඉල්ලාගෙන !

ඇමරිකාව සමග යෝජිත MCC හෙවත් සහශ්‍රක අභියෝගතා සමායතන ගිවිසුම අත්සන් කිරීම සඳහා ගොටාභය රාජපක්ෂ ආණ්ඩුවට කාලය ලබාදෙන ලෙසට කළ ඉල්ලීමට අනුව ඒ සඳහා අවශ්‍ය කාලය ලබාදීමට ඇමෙරිකා එක්සත් ජනපදය එකඟ වී ඇති බව තතුදත් දේසපාලන ආරංචි මාර්ග කියයි.

ඒඅනුව මුලින් එකඟ වූ මාස හයක කාලය ඉක්ම ගිය පසුව ද තවත් කල් ලබාදීමට ඇමෙරිකාව එකඟ වී තිබේ.

මෙම ගිවිසුම පසුගිය වසරේ දෙසැම්බර් මස අවසන් වීමට පෙර අත්සන් කිරීමට නියමිතව තිබිණි. ඇමෙරිකාව පසුගිය රජයට දැනුම් දී ඇත්තේ එම කාලය තුළ අත්සන් නොකළහොත් ප්‍රධානය අවලංගු කරන බව යි.

ජනාධිපතිවරණය ආසන්නව  තිබිය දී MCC ගිවිසුමට කැබිනට්  අනුමැතිය දුන්නේ එම නියමිත කාලය තුළ ගිවිසුම අත්සන් කිරීම සඳහා බව කියති.

කෙසේ වෙතත් අලුතින් පත්වූ ආණ්ඩුවට ගිවිසුම අධ්‍යයනය කිරීමට අමතර කාලයක් අවශ්‍ය බවට මෙම ආණ්ඩුව කළ ඉල්ලීමට ඇමෙරිකාව එකඟ වී තිබේ.

නියමිත කාලයේ මහා මැතිවරණය පැවැත්වීමට නොහැකි වූ විට ආණ්ඩුව තවත් කල් ඉල්ලු බවත් එයට ද ඇමෙරික රජය එකඟ වී ඇති බවත් කියති .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *