MCC ගිවිසුම අහෝසි කරන්න තුනෙන් දෙකක බලයක් නැතිව ජනාධිපතිටත් බෑ – විමල් වීරවංශ තැටිය මාරුකරයි

පසුගිය රජය හොරට අත්සන් කර ඇති ගිවිසුම් වලින් මිදීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සතු තනි විධායක බලයට නොහැකි බවත් 2/3ක බලයක් සහිත ශක්තිමත් ආණ්ඩු බලයක් අවශ්‍ය බවත් අමාත්‍ය විමල් විරවංශ මහතා පවසයි.

පාර්ලිමේන්තුවට හෝ හිටපු ජනාධිපති තුමන්ට නොදන්වා අත්සන් තැබුවත් ගිවිසුම් අත්සන් තබා ඇත්තේ රටවල් දෙකක් අතර බැවින් එතරම් ලේසියෙන් ඒ ගිවිසුම් වලින් ඉවත් වීමට නොහැකි බව ඒ මහතා ඊයේ (29) මාධ්‍ය හමුවකට එක වෙමින් සඳහන් කළේය.

ඇමතිවරයා කියන්නේ පසුගිය ආණ්ඩුව ගිවිසුම අත්සන් කොට ඇති බවයි . එය දැන් වෙනස් කළ  නොහැකි බව ඒ මහතා කියයි .

වීරවංශ මහතා පසුගිය දිනවල කියමින් සිටියේ MCC ගිවිසුම අත්සන් කලොත් ආණ්ඩුවෙන් යන බවයි . දැන් ඒ මහතාට ආණ්ඩුවෙන් යන්න වෙන්නේ නැත. MCC ගිවිසුම ද අත්සන් කොට ක්‍රියාත්මක වනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *