සජිත් ප්‍රේමදාස දියාරු, බොළඳ දේශපාලන නායකයෙක් – බිමල් රත්නායක

සජිත් ප්‍රේමදාස මහතා දියාරු, බොළඳ දේශපාලන නායකයකු බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා ප්‍රකාශ කළේය.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (29) කොළඹදී පැවැති ‘තිත්ත දේශපාලනයේ ඇත්ත මිනිස්සු’ නම් වූ මාධ්‍ය

හමුවක් අමතමිනි. හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා කාදිනල් හිමියන්ට බරපතළ අපහාසාත්මක ප්‍රකාශයක් කරනවා. එයින් පසු සජිත් ප්‍රේමදාස මහතා ඔහුව කාදිනල් හිමියන් ඉදිරියට ගෙන ගොස් සමාව ගන්නවා. එතුමාගේ තිබෙන්නේ ඒ වගේ චාටුවලින් බේරන වැඩ. සමහර දේවල් තිබෙනවා චාටුවලින් බේරන්න බැරි දේවල්. සජිත් ප්‍රේමදාස මහතා මාධ්‍යට කිව්වා දැන් සේරම හරි සමාව ගත්තා කියා. සජිත් ප්‍රේමදාස මහතා ප්‍රතිපත්තියක් මත දේශපාලනය කරන කෙනෙකුට වඩා ජනප්‍රියවාදී වැලයන අතට මැස්ස ගසන දේශපාලනයක් හැටියට තමයි අපිට පෙනේන්නේ.

එතුමාගේ පක්ෂයේ සිටින මංගල සමරවීර මහතාගේ චෝදනාව වෙලා තිබෙන්නෙත් ඒකයි. අපිට පෙණෙන දේ තමයි ඔහු බොලද නායකයෙක්. ඔහු දේශපාලනයේ හෝ සමාජීය කාරනාවල තිබෙන ගැඹුර නොදකින නායකයෙක්. මොන්ටිසෝරි දරුවෙකු ලෙස තමයි අපිනම් දකින්නේ. හරින් ප්‍රනාන්දු මන්ත්‍රීතුමාගේ ප්‍රකාශයට වඩා එයින් කැපී පෙණෙන්නේ සජිත් ප්‍රේමදාස මහතාගේ දියාරු දේශපාලනයයි.

අසේල ලියනගේ

දිනමිණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *