ෆේස්බුක් , ගූගල් සමාගම් ජුනි මාසයේ ශ්‍රී ලංකාවට

ලෝකයේ ප්‍රධානම අන්තර් ජාල සමාගම් දෙකක් වන ෆේස්බුක් සහ  ගූගල් සමාගම් ලබන ජුනි මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණීමට තීරණය කොට ඇති බව ඩිජිටල් යටිතල පහසුකම් ඇමති හරීම් ප්‍රනාන්දු මහතා ප්‍රකාස කොට ඇත. ජාත්‍යන්තර විදුලි සංදේශ කේබල් ව්‍යාපෘතියක ආරම්භක උත්සවයට සහභාගී වෙමින් ඒ මහතා මේ බව හෙළිදරවු කොට ඇත .

ලෝකයේ වටිනාම සමාගම ලෙස ඇපල් සමාගමට හිමිව තිබු තත්ත්වය පසුගියදා ගූගල් සමාගමට හිමිවීය . ෆේස්බුක් සමාගමද ලොව විශාලතම සමාගමකි . මෙම සමාගම්  ශ්‍රී ලංකාවට පැමිණ ව්‍යාපාරික කටයුතු ආරම්භ කරන්නේ නම් අපරට ආසියාවේ අන්තර්ජාල මධ්‍යස්ථානයක් බවට පත්වනු ඇතැයි විශ්වාස කෙරෙයි . එය රටේ වේගවත් සංවර්ධනයකට හේතුවන බවද කියති .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *