පොහොට්ටුවේ චෝදනාවෙන් MCC ගිවිසුම නිදහස් : ආර්ථික කොරිඩෝව අපේ විද්වතුන්ගේ යෝජනාවක් බව ගුණරුවන් වාර්තාව තහවුරු කරයි

මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුමට එරෙහිව පසුගිය ජනාධිපතිවරණයේ දී පොහොට්ටු පිලේ කණ්ඩායම කීවේ එමගින් කොළඹ සිට ත්‍රිකුණාමලයට ආර්ථික තීරුවක් වෙනකොට එයට අයත් ඉඩම් හෙක්ටෙයාර් විසි ලක්ෂයක් ඇමෙරිකාවට සින්නක්කර ලබාදීමට යන බවයි .

එම ඉඩම් වෙන් කොට වැට ගැසූ විට දකුණේ ජනයාට අනුරාධපුරය හෝ  පොලොන්නරුව වදින්නට යන්නට අමෙරිකාවෙන් වීසා ගැනීමට සිදුවන බව ද ඔවුහු කීහ. ඔවුන් කී එම තර්ජනයෙන් රට බේරා ගැනීමට මහජනයා ලක්ෂ ගණනින් චන්දය දුන්හ .

එසේ වුව ද මෙම ගිවිසුම ගැන සොයන්නට ගොටාභය ජනාධිපතිතුමා පත් කළ මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් කමිටු වාර්තාවෙන් කියන්නේ එලෙස කොළඹ සිට ත්‍රිකුණාමලයට ආර්ථික කොරිඩෝවක් ඇතිකිරීමේ යෝජනාව සහ ජාතික භෞතික සැලැස්ම තනිකරම ශ්‍රී ලංකා රජයේ විශේෂඥයන්ගේ ක්‍රියාවක් බවයි . එයට ඇමෙරිකාවේ හෝ MCC සකසුවන්ගේ කිසි දු සම්බන්ධයක් නැති බව වාර්තාවේ සඳහන් ය. එය සම්මත කර ඇත්තේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මුලසුන දැරූ අන්තර් අමාත්‍යංශ කමිටුවකිනි.

ඇමෙරිකාවට ඉඩම් දීමක් ගැනද MCC ගිවිසුමේ නැත. එහි ඇත්තේ දැනට ඉඩම් බලපත්‍ර හිමි ගොවීන්ට ඉඩම් දීම පිලිබඳවය . කමිටුවේ අදහස එලෙස ඔප්පු නොදිය යුතු බවයි . හේතුව නම් ඔප්පු දුන් විට එම ඉඩම් විදේශිකයන්ට මිල දී ගැනීමට හැකිවීම යි.

ජාතික භෞතික සැලැස්ම ප්‍රශ්නයක් නොවුව ද දැනට අත්සන් කර ඇති ACSA සහ SOFA ගිවිසුම් සමග ගත්  විට ප්‍රශ්නයක් තිබිය හැකි යයි කමිටු වාර්තාව කියයි.. එසේ වුව ද , එලෙස ප්‍රශ්න වියහැකි ආකාරයක් වාර්තාවේ පෙන්වා දී නැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *