එජාපයේ ප්‍රචාරක කටයුතු නිල වශයෙන් ඇරැඹේ

පාර්ලිමේන්තු මහමැතිවරණයට අදාල එක්සත් ජාතික පක්ෂයේ ප්‍රචාරක කටයුතු නිල වශයෙන් ඇරඹීම පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මුලස්ථානයේදී අද (28) පස්වරුවේ ආරම්භ කෙරිණි.

නිරෝධායන නීති රීති වලට සහාය දක්වමින් ඩිජිටල් තාක්ෂණය උපයෝගී කරගනිමින් මෙම ප්‍රථම ප්‍රචාරක රැලිය පැවැත්වූ අතර දිවයින පුරා දිස්ත්‍රික් මට්ටමින් කුඩා රැස්වීම් 200 කට ආසන්න ගණනක ඩිජිටල් තිර මගින් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ කතාව සජීවීව විකාශනය කිරීම මෙහි විශේෂත්වය විය.

රුවන් විජයවර්ධන , සාගල රත්නායක , දයා ගමගේ , ජෝන් අමරතුංග ,තිලක් මාරපන ඇතුළු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් ද පක්ෂ ක්‍රියාකාරීන් රැසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

(රොමේෂ් ධනුෂ්ක සිල්වා)

ලංකාදීප

Leave a Reply

Your email address will not be published. Required fields are marked *