දුම්රිය විදුලියෙන් දුවන සැලසුම ඉබි ගමනින්

ශ්‍රී ලංකා දුම්රිය සේවයට විදුලි දුම්රිය හදුන්වාදීමේ සැලසුම ක්‍රියාත්මක කිරීමේ මෙහෙයුම් කමිටුව මාස පහකට පසු රැස්වී ව්‍යාපෘති කාර්යාලයක් හා නිලදාරීන් පත් කිරීමට තීරණය කල බව වාර්තා වෙයි .මහා මාර්ග ,බලශක්ති , හා ආර්ථික සංවර්ධන අමාත්‍යංශ හවූල් ව්‍යාපෘතියක් ලෙස මෙය ක්‍රියාත්මක කිරීමට නියමිතය . පළමු අධියර ලෙස වේයන්ගොඩ සිට පානදුර දක්වා විදුලි දුම්රිය සේවය අරම්බකිරීමේ ව්‍යාපෘතිය සදහා ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන තුන් සියයක සහන ණයක් අනුමත කොට ඇත. කලට වෙලාවට ක්‍රියා කළහොත් මෙයට ගතවන කාලය වසර තුනහමාරකි .

මේ වනවිට ආසියානු සංවර්ධන බැංකුව ව්‍යාපෘතිය සදහා උපදේසක සේවා ආයතනයක් තෝරාගැනීමේ කටයුතු අවසන් කරමින් සිටින බවද දැනගන්නට ඇත . ඒ සදහා අයදුම්පත් භාරගැනීම ජනවාරි මැදදී අවසන් වීය .

දැනට ලොව ඇති ඉතාම කාර්යක්ෂම හා වේගවත්ම ප්‍රවාහන ක්‍රමය විදුලි දුම්රිය බව විශේෂඥයෝ කියති . මාර්ග තදබදයට මෙය හොද විසදුමක් බවද විශේෂඥ මතයයි . එසේ වුවද ඒ සදහා බලදාරින්ගේ ඇත්තේ ඇල්මැරුණු උනන්දුවක් බවට චෝදනා නැගී ඇත

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *