මම අලිමංකඩදි හමුදාවේ 2000ක් 3000ක් මැරුවා… මහින්ද මහත්තය මට පොහොට්ටුවේ ජාතික ලයිස්තුවට එන්න කිව්වා…- කරුණා අම්මාන්

මහින්ද රාජපක්ෂ මහතා තමන්ට පොහොට්ටු පක්ෂයේ ජාතික ලයිස්තුවට එන ලෙස ආරාධනා කළ බවත් තමන් එක රැයකදී අලිං මංකඩදී හමුදාවේ 2000ක් 3000ක් මැරුවා යැයි එල්ටීටීඊ සංවිධානයේ නැගෙනහිර හිටපු සන්නද්ද අංශ නායක කරුණා අම්මාන් හෙවත් විනයාගමූර්ති මුරලිදරන් මහතා පවසයි.

ඔහු මේ බව පවසන්නේ ඊයේ  (19) අම්පාරේදී පැවති මැතිවරණ ප්‍රචාරක රැස්වීමක් අමතමිනි.

එහිදී ඔහු පවසන්නේ, “මේ පාරත් මහින්ද අගමැතිතුමා මට කතා කළා. අම්මාන් ඔබ මේ පාරත් ජාතික ලැයිස්තුවෙන් එන්න. ප්‍රශ්නයක් නැහ. මොකටද මහන්සි වෙන්නේ කියලා. මම කිව්වා නැහැ එහෙම නෙවෙයි. දෙපාරක් ඔබතුමා දුන්න අවස්ථාවට ස්තුතියි. මේ පාර මගේ ජනතාවගෙන් වරම් ලබාගෙන දිනාගෙන ඔබතුමා ලඟට එන්නම් කියලා.

කාර්තිව් සභාපතිවරයා මා ගැන ප්‍රකාශයක් කරලා තියෙනවා. කරුණා අම්මාන් කොරෝනාවට වඩා භයානකයි කියලා. එයා කියපු එක ඇත්ත තමයි. කොරෝනා ඇවිල්ලා මැරුනේ නව දෙනෙක් විතරයි. අපි එක රැයකින් අලි මංකඩදි 2000ක් 3000ක් විතර හමුදාව මරා දැමුවා. තේරෙනවානේ? එයා කියපු එක හරි. කමක් නැහැ. කිලිනොච්චිවලත් කී දාහක්ද?” යනුවෙනි.

කරුණා අම්මාන් හෙවත් විනයාගමුර්ති මුරලිදරන් මහතා පසුගිය රාජපක්ෂ පාලන සමයේ ජාතික ලයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කළ අතර එකළ ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපතිවරයෙකු ලෙසද පත් කරගන්නා ලදී.

LANKATRUTH

Leave a Reply

Your email address will not be published. Required fields are marked *