පාස්කු දින ප්‍රහාරයේ වගකීමෙන් මෛත්‍රීට මිදෙන්න බෑ – කොළඹ අගරදගුරු පදවි මාධ්‍ය ප්‍රකාශක කැමිලස් ප්‍රනාන්දු පියතුමා

පාස්කු දා ප්‍රහාරය සිදු වන අවස්ථාවේ සේනාධිනායකයාව සිටි හිටපු ජනාධිපතිවරයාට එහි වගකීමෙන් මිදිය නොහැකි බව කොළඹ අගරදගුරු පදවි මාධ්‍ය ප්‍රකාශක කැමිලස් ප්‍රනාන්දු පියතුමා ඊයේ (19) ප්‍රකාශ කළහ.

ඒ වකවානුවේදී ආරක්ෂක අංශවල පසුබෑමක් සිදුව ඇති බවත්, පොලිසියේ හා ආරක්ෂක අංශවල ප්‍රධානියාව සිටි හිටපු ජනාධිපතිවරයා වෙත මෙයට යම්කිසි වගකීමක් පැවරෙන බවත් ප්‍රනාන්දු පියතුමා පෙන්වා දුන්හ.

ජනාධිපතිවරයා හා අගමැතිවරයා අතර පැවැති විවිධ මතිමතාන්තරද මෙම ප්‍රහාරය වළක්වා ගැනීමට එක් හේතුවක් බවද කැමිලස් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් කියා සිටියහ.

දිනමිණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *