බැඳුම්කර කොමිසම් වාර්තාවේ හිටපු අගමැති රනිල්ට කිසිදු චෝදනාවක් නෑ – එජාප නායක කාර්යාලය කියයි

2015 වසරේ දී සිදු වූ බව පැවසෙන ආන්දෝලනාත්මක මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව විසින් නිකුත් කළ වාර්තාව මගින් හිටපු අග්‍රාමාත්‍ය එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට කිසිදු චෝදනාවක් එල්ල වූයේ නැතැයි එක්සත් ජාතික පක්ෂ නායක කාර්යාලය සඳහන් කරයි.

වික්‍රමසිංහ මහතා අගමැති ධුරය දැරූ සමයේ දී එම ජනාධිපති විමර්ශනය කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන් බවත් මෙවර ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින්නැයි නීතිපතිවරයා විසින් වැඩ බලන පොලිස්පතිවරයා හරහා නොතිසි නිකුත් කළ බවට ඇතැම් මාධ්‍ය මගින් කරුණු වාර්තා කර තිබුණද අදාළ කාරණාව පිළිබඳ මේ දක්වා රනිල් වික්‍රමසිංහ මහතාට නිල වශයෙන් දැනුම් දීමක් සිදු කර නැතැයි ද පක්‍ෂ නායක කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි.

මෛත්‍රීපාල සිරිසේන හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහත්වරුන් ඇතුළු සිවු දෙනකුගෙන් කටඋත්තර සටහන් කර ගන්නා ලෙසට නීතිපතිවරයා වැඩ බලන පොලිස්පතිවරයාට උපදෙස් ලබාදුන් බවට ප්‍රචාරය වූ මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් එම කාර්යාලය මේ බව සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *