දැන් දේශප්‍රේමී කතා කීවාට විමල් වීරවංශ මුලින්ම සභාග ගහන්න හැදුවේ එජාපය එක්කයි – පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම්

email sharing button

මේ වනවිට රාජපක්ෂ කඳවුර වෙනුවන් දේශප්‍රේමී වාග් පාඨ කියවීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධියට පත්ව සිටියත් විමල් වීරවංශ මහතා මුලින්ම සභාග ආණ්ඩු පිහිටුවීමට යෝජනා කළේ එක්සත් ජාතික පක්ෂය සමඟ බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම් මහතා පවසයි. 

“2006 වෙනකොට පක්ෂය ඇතුළෙ මතවාදී ගැටුමක් තිබුණා. ඒ කියන්නෙ මේ ආණ්ඩු සමඟ එකතුවීම සහ ස්වාධීනව කටයුතු කිරීම ගැන. අපි නියෝජනය කළේ දිගටම ස්වාධීනව අපි වාමාංශික ව්‍යාපාරය විදියට කටයුතු කරන්න ඕනෙ කියන එක. විමල් වීරවංශ ඇතුළු පිරිස දිගටම මේ ධනේශ්වර ආණ්ඩුත් එක්ක සභාග ගහන්න ඕනෙ කියන තැන හිටියෙ”

ප්‍රශ්නය – මොකක්ද ? ආණ්ඩු කියන්නෙ මොන පක්ෂයත් එක්කද ? 

“මෙහෙමයි, මම මේ පළවෙනි වතාවට මේක කියන්නෙ. විමල් වීරවංශ දැන් ප්‍රසිද්ධ මහින්ද රාජපක්ෂට, ගෝඨාභය රාජපක්ෂ මහත්තයාත් එක්ක කටයුතු කිරීම සම්බන්ධයෙන්. දේශපාලනයටත් වඩා. දේශප්‍රේමී උධෘත ඇතුළෙ දේශප්‍රේමී වාග් පාඨ පුනරුච්ඡාරණය කරන්නත් හරි ප්‍රසිද්ධයි. හැබැයි මේ විමල් වීරවංශගෙ පළවෙනි සභාග දේශපාලනය පටන් ගන්න හැදුවෙ එක්සත් ජාතික පක්ෂයෙන්. 

පැහැදිලිවම 2000 මැතිවරණයෙන් පස්සෙ අපට පාර්ලිමේන්තු ආසන 10ක් ආවායින් පස්සෙ 2001 චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ ආණ්ඩුව බිඳවැටෙන වෙලාවෙ එක්සත් ජාතික පක්ෂයත් එක්ක එකතුවෙලා ආණ්ඩුවක් ගොඩනඟමු කියන යෝජනාව තමයි දේශපාලන මණ්ඩලයෙදි විමල් වීරවංශ ඉස්සෙල්ලාම ඉදිරිපත් කරන්නෙ, ඒක දේශපාලන මණ්ඩලයෙදි කරුණු කියලා අපි පරාජය කරනවා. 

ඊට පස්සෙ තමයි හැරුණෙ සම්පූර්ණයෙන් මහින්ද රාජපක්ෂගෙ දිහාවට. ඉස්සෙල්ලාම ඒක සිද්ධ වුණේ චන්ද්‍රිකා බණ්ඩාරනායක හරහා. පසුව මහින්ද රාජපක්ෂ. ඉතිං එනිසා ඔවුන්ගේ සභාග දේශපාලනය ප්‍රධාන ආණ්ඩු කරන පක්ෂයට කෙසේ හෝ සහායදීම ඇරෙන්න දේශප්‍රේමය හුදු වාග් පාඨයක් පමණයි” යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ. 

කුමාර් ගුණරත්නම් මහතා මේ බව පැවසුවේ ජනප්‍රිය යූටියුබ් නාලිකාවක් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි. 

LANKANEWSWEB

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *