වසංගත ඇඳිරි නීතිය නීති විරෝධියි – මානව හිමිකම් කොමිසන් සභාව

කොවිඩ් 19 වසංගත කාලය සඳහා ශ්‍රී ලංකා රජය රට පුරා  ක්‍රියාත්මක කළ ඇඳිරි නීතිය නීති විරෝධී බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාව ප්‍රකාශ කරයි .

ඇඳිරි නීතිය නීත්‍යනුකුල ලෙස ප්‍රකාශයට පත් නොකොට ආණ්ඩුව 1897 නිරෝධායන ආඥාපනත උපයෝගී කොටගෙන රටපුරා ඇඳිරි නීතිය ප්‍රකාශ කළ ද එලෙස ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමට තරම් බලයක් එම ආඥා පනත මගින් ලබා දී නැති බව කොමිසන් සභාව කියයි.

මෙම ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීම මගින් මානව හිමිකම් කඩ වූ බවට පැමිණිලි විශාල ප්‍රමාණයක් මානව හිමිකම් කොමිසමට ලැබී ඇත.

මෙම කාලය තුළ ඇඳිරි නීතිය කඩ කිරීම පිළිබඳව පුද්ගලයින් 65,930ක් පොලිස් අත් අඩංගුවට ගෙන ඇති අතර  එම සංඛ්‍යාවෙන් තුනෙන් එකකට පමණ එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගෙන තිබේ . පොලිස් අත් අඩංගුවට ගත්  වාහන ප්‍රමාණය 18,614 කි.

කොවිඩ් 19 වසංගතය පාලනය සඳහා පුද්ගල සංචරණය සීමා කළ යුතු වුව ද ,එය නීත්‍යානුකුලව කළ හැකිව තිබු බව මානව හිමිකම් කොමිසම පෙන්වා දී ඇත.

හදිසි නීතිය පැන වූ බව ජනාධිපති මාධ්‍යය අංශය නිවේදනය කළ ද එයට අදාළ කිසිදු නීත්‍යානුකුල ලියවිල්ලක් නොමැති බව ද කියන කොමිසම කුමන නීතියක් වුවත් ක්‍රියාත්මක විය යුත්තේ විනිවිද භාවයෙන් යුතුව බව ද පෙන්වා දෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *