සජිත් පිලෙන් සටනට ආ හිටපු ආණ්ඩුකාර නිලුකා ඒකනායකත් ඉවත්වෙයි

සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගයෙන් රත්නපුර දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට නාම යෝජනා භාර දී සිටි මධ්‍යම පළාතේ සහ සබරගමුව පළාතේ හිටපු ආණ්ඩුකාර වරියක වන  නිලුකා ඒකනායක මහත්මිය තමා මැතිවරණ තරගයෙන් ඉවත්වන බව අද නිවේදනය කළා ය.

මැතිවරණ තරගයෙන් ඉවත්වීමේ තම තීරණය මැතිවරණ කොමිසමට , සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහ එහි ප්‍රධාන ලේකම් රන්ජිත් මද්දුම බණ්ඩාර මහතාට ලිඛිතව දැනුම්දුන් බව ඒකනායක මහත්මිය ප්‍රකාශ කොට ඇත.

2016 මාර්තු සිට 2018 අප්‍රේල් දක්වා මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලෙස කටයුතු කළ ඒකනායක මහත්මිය 2018 අප්‍රේල් සිට දෙසැම්බර් දක්වා සබරගමුව පළාත් ආණ්ඩුකාර වරිය ලෙස කටයුතු කළේ ය. 2019 ජනවාරි සිට දෙසැම්බර් දක්වා ඇය රාජ්‍ය දැව සංස්ථාවේ සභාපතිවරිය ලෙස කටයුතු කළා ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *