නාවික හමුදා කොවිඩ් පොකුර තවමත් ; අදත් හතක් එකතුවෙයි

වැලිසර නාවික හමුදා කඳවුරේ කොවිඩ් ආසාදිත පොකුර මතු වී මේ වනවිට මාස දෙකකට ආසන්න කාලයක් ගත වී ඇතත් එය මෙතෙක් සම්පුර්ණයෙන් පාලනය කර ගැනීමට නොහැකි වීම සෞඛ්‍ය බලධාරීන් ගේ ද කනස්සල්ලට හේතු වී ඇති බව වාර්තා වෙයි.

අද දින අලුතින් කොවිඩ් ආසාදිතයන් හත් දෙනකු වාර්තා වීඇති අතර හත්දෙනාම වාර්තා වී ඇත්තේ නාවික හමුදා පොකුරෙනි.

මෙම පොකුර මර්දනය කිරීම සඳහා මැයි මස මැද සිට විශේෂ වැඩ පිළිවෙලක් ද ක්‍රියාත්මක කොට තිබිණි .

වැලිසර කොවිඩ් පොකුර පාලනය කළ බව සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කොට තිබිය දී මෙලෙස දිගින් දිගට ආසාදිතයන් වාර්තා වීම බරපතළ ප්‍රශ්නයක් වී ඇත.

රටේ ජන ජීවිතය යථා තත්ත්වයට පත්කිරීම විශාල ලෙස ප්‍රමාද කිරීමට ද නාවික හමුදා කොවිඩ් පොකුර ප්‍රධාන හේතුවක් වී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *