ජනාධිපති සහ වටේ සිටින කල්ලිය ශ්‍රී ලංකාව ලෝකයෙන් හුදෙකලා කර ගනිමින් සිටිනවා – අචාර්ය දයාන් ජයතිලක

ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා සහ ඔහු වට සිටින කණ්ඩායම විසින් ශ්‍රී ලංකාව ලෝකයෙන් හුදෙකලා කර ගනිමින් සිටින බව ප්‍රකට රාජ්‍යතාන්ත්‍රික නිලධාරී ආචාර්ය දයාන් ජයතිලක මහතා ප්‍රකාශ කළේ ය. මේ මොහොතේ එය බොහෝ දෙනාට නොපෙනුන ද තමන්ට එය පෙනෙන බව ජයතිලක මහතා වැඩි දුරටත් පැවසීය.

මෙවර මහ මැතිවරණයට සජිත් පිලේ සමගි ජන බලවේගයෙන් තරග වදින අපේක්ෂකයින්ට දේශපාලන දැනුම ලබා දීම සඳහා ඊයේ (10 දා ) වෝටර්ස් එජ් හිදී පැවති වැඩ මුලුවක ප්‍රධාන දේශනය පවත්වමින් ඒ මහතා මෙම අදහස් පල කළේ ය.

විදේශ ප්‍රතිපත්තිය මැතිවරණ ජයග්‍රහණය සඳහා වැදගත් බව කී ඒ මහතා විදේශ ප්‍රතිපත්තියේ වැදගත්කම 1953 බැන්ඩුන් සමුළුවේ පටන් ම පෙනීගොස් ඇති බව ද පැවසීය.

අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රබල ආධාරකරුවකු බව ප්‍රකට දයාන් ජයතිලක මහතා කලක් ගොටාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් ද ප්‍රබලව පෙනී සිටියෙකි.

කෙසේ වෙතත් මෑතක සිට ඔහු ගොටාභය රාජපක්ෂ මහතා සහ ඔහුගේ කණ්ඩායම විවේචනය කරමින් සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *