මංගල ඉවත්කළේ රනිල්ගේ මෙහෙයුමකින් – වජිර අබේවර්ධන

මුදල් සහ ජනමාධ්‍ය හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා සමගි ජන බලවේගයේ මාතර දිස්ත්‍රික් අපේක්ෂක ලැයිස්තුවෙන් ඉවත් කරවා ගැනීම සඳහා හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලන ක්‍රියාදාමයක් දියත් කළ බව හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා සඳහන් කළේය.

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ක්‍රියාත්මක කළ එම දේශපාලන ක්‍රියාදාමය අවසන් මොහොත දක්වාම සමගි ජන ජන බලවේගයේ නායකයන් දැන සිටියේ නැතැයි ද වජිර අබේවර්ධන මහතා පැවසීය.

මෙම දේශපාලන ක්‍රියාදාමය නිසා සමගි ජන බලවේගයේ මාතර දිස්ත්‍රික් අපේක්ෂක ලැයිස්තුව කඩාකප්පල් වූ බව ද, දකුණු පළාතේම ඔවුන්ගේ ඡන්ද පදනමට එමගින් සුවිසල් බලපෑමක් වූ බව ද පෙන්වා දුන් වජිර අබේවර්ධන මහතා ඉදිරියේ දී තවත් මෙවැනිම වූ දේශපාලන ක්‍රියාන්විත ශ්‍රී ලාංකික ජනතාවට දැක ගැනීමට හැකි වනු ඇතැයි ද වැඩි දුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *