උද්භිත උද්‍යාන හා ජාතික වනෝද්‍යාන යළි විවෘත කෙරේ

මෙම මස 15 දින සිට උද්භිත උද්‍යාන හා ජාතික වනෝද්‍යාන යළි විවෘත කිරීමට පියවර ගන්නා බව පරිසර හා වනජීවි අමාත්‍ය එස්. එම්. චන්ද්‍රෙස්න මහතා පවසයි.

  කොවිඩ් 19 වසංගත ව්‍යාප්තිය හේතුවෙන් වසා දැමුණු සියලු සත්ත්වෝද්‍යාන සහ ජාතික උද්‍යාන යළි විවෘත කිරීමට තීරණය කර තිබේ. 

  ඒ අනුව සත්ත්වෝද්‍යාන සහ ජාතික උද්‍යාන ලබන 15 වනදා සිට මහජනතාව සදහා විවෘත කෙරෙයි.

  කොවිඩ් නයින්ටීන් වෛරසය හේතුවෙන් පසුගිය මාර්තු මස 14වනදා සිට මෙරට සියලු සත්ත්වෝද්‍යාන සහ ජාතික උද්‍යාන වසා දැමීමට පියවර ගැනුණි.  

Leave a Reply

Your email address will not be published. Required fields are marked *