පුද්ගලික වාහනයක සිටින විට මුව ආවරණ අවශ්‍ය නෑ – සෞඛ්‍ය අමාත්‍යංශයෙන් පැහැදිලි කිරීමක්

යම් පුද්ගලයෙකු පෞද්ගලික වාහනයක් පදවන විට මුව ආවරණයක් අවශ්‍ය නොවන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සහ පොලිසිය පැහැදිලි කරයි.

  කොරොන වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා රිය පැදවීමේදී බොහෝ වාහන රියදුරන් මුව ආවරණ පැළඳ සිටිනු දැක තිබේ.  

කෙසේ වෙතත්, සෞඛ්‍ය අමාත්‍යංශයේ මහජන සෞඛ්‍ය පිළිබඳ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පබා පාලිහවඩන මහත්මිය කියා සිටියේ මහජනයාට ඔවුන්ගේ පෞද්ගලික වාහනවල මුව ආවරණ පැළඳීමට උපදෙස් ලබා දී නොමැති බවයි.

  මුව ආවරණ පැළඳීමට අපි මහජනතාව උනන්දු කරවනවා. නමුත් පෞද්ගලික මෝටර් රථ තුළ ගමන් කිරීමේ දී එය පැළදීම කිසිසේත් අවශ්‍ය නැහැ. ඔබ ඔබේ මෝටර් රථයේ සහ ඔබේ පවුලේ අය සමඟ ගමන් කිරීමේ දී මුව ආවරණයක් පැළඳීමට අවශ්‍ය නැහැ.” යනුවෙන් පබා පලිහවඩන මහත්මිය පැහැදිලි කළාය. 

  මේ සම්බන්ධයෙන් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසන ලද්දේ මුව ආවරණ පැළඳීම ගැන නව උපදෙස් පිළිබඳ සෞඛ්‍ය මාර්ගෝපදේශ සම්බන්ධයෙන් පොලිසිය දැනුවත් කර ඇති බවය. 

  කෙසේ වෙතත්, කැබ් රථ හා ත්‍රිරෝද රථ, කුලී රථ වැනි කුලී රථවල ගමන් කිරීමේදී මහජනයා මුව ආවරණ පැළඳිය යුතු බව අජිත් රෝහණ මහතා අවධාරණය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *