මැතිවරණ දිනයට එරෙහි පෙත්සම් විභාගයට ගන්නවාද නැද්ද තීන්දුව හෙට

ජුනි මස 20 වැනිදා මහ මැතිවරණය පැවැත්වීම සහ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය බලරහිත කරන ලෙස ඉල්ලමින් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම්  විභාගයට අවසර දෙනවාද  නැද්ද යන්න පිළිබඳ තීන්දුව හෙට (02) පස්වරු 3.00 ට ප්‍රකාශයට පත් කිරීමට පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මීට ස්වල්ප වේලාවකට පෙර නියම කළේය.

දසවන දිනයටත් සලකා බැලීම  අද ( 01) පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ සිදු කෙරිණි.

ඒ අනුව  අගවිනිසුරු  ජයන්ත ජයසූරිය,  බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෲ,  ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මළල්ගොඩ යන මහත්වරුන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම තීන්දුව ප්‍රකාශයට පත් කෙරේ.

මැතිවරණය නියමිත පරිදි පැවැත්වීමට නොහැකිවීම හා ඊට බලපාන හේතු සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම හෙට (02) දීර්ඝ වශයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කරුණු  දැක්වීමට නියමිතය.

එම පෙත්සම්වල පෙත්සම්කාර , වගඋත්තරකාර සහ අතරමැදි පෙත්සම්කාර පාර්ශව වල සියලු කරුණු දැක්වීම් දින දහයක් පුරා පැවත්වූ අතර එය අද  අවසන් කරමින් පෙත්සම් විභාගයට ගන්නවාද නැත්ද යන්න තීන්දුව හෙට ප්‍රකාශයට පත් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

නීතීඥ චරිත ගුණරත්න , සමගි ජන බලවේගය , වික්ටර් අයිවන් , ජාතික හෙළ උරුමය නායක හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක , හිටපු ඇමති කුමාර වෙල්ගම , , ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස ඇතුළු පිරිසක් මෙම පෙත්සම් ගොනු කර තිබූ අතර මැතිවරණ කොමිසම , එහි සභාපති හා සාමාජිකයන් , ජනාධිපති ලේකම් , නීතිපති ඇතුළු පිරිසක් වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබිණි.

තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

ලංකාදීප

Leave a Reply

Your email address will not be published. Required fields are marked *