එජාපය දෙකඩ කිරීම ආණ්ඩුව දුන් කොන්ත්‍රාත්තුවක් – සමගි ජන බලවේගයේ ලේකම් රනජිත් මද්දුම බණ්ඩාර

එකසත් ජාතික පක්ෂය දෙකඩ කිරීම ආණ්ඩුව ලබා දී තිබෙන කොන්ත්‍රාත්තුවක් බව සමගි ජන බලවේගයේ ප්‍රධාන ලේකම් රන්ජිත් මද්දුම බණ්ඩාර මහතා ඊයේ පැවති මාධ්‍ය හමුවක දී ප්‍රකාශ කළේ  ය.

එජාපය දෙකඩ කිරීමේ වාසිය ඇත්තේ ආණ්ඩුවට බව කි ඒ මහතා එබැවින් එජාපය දෙකඩ කිරීමේ කොන්ත්‍රාත්තුවක් ආණ්ඩුවේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක වන බව ද කී ය.

ඒ මහතා වැඩි දුරටත් කීවේ තමන් ඇතුළු කණ්ඩායමක් එක්සත් ජාතික පක්ෂයෙන් නෙරපීම ද ආණ්ඩුවේ කොන්ත්‍රාත්තුවේ තවත් පියවරක් බවයි.

එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්ව සමගි ජන බලවේගය ලෙස මහ මැතිවරණයට නාම යෝජනා භාරදුන් සජිත් ප්‍රේමදාස, රන්ජිත් මද්දුම බණ්ඩාර ඇතුළු 99 දෙනෙකු පක්ෂයෙන් ඉවත්කිරීමට එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය පසුගිය දා ක්‍රියා කළේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *