“ජැක් සන්ලා ” ට කලාකරුවන් කියා කියන්න බැහැ. ඔවුන්ට කියන්න පුළුවන් ‘මුක්කු කරුවන්’ වගේ නමක්.- කලා මණ්ඩලයේ සභාපති ජේෂ්ඨ කථිකාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර

ච්නන්ද්‍රගුප්ත තේනුවර “ඥාණසාර කියන්නෙ බුද්ධ ශ‍්‍රාවකයෙක්ද කියන ප‍්‍රශ්නය පැන නගිනවා. ඔහු සිවුරු දරන්නෙක් බව ඇත්ත. ඔහුගේ ඇඳුම චීවරය මිසක් ඔහු බෞද්ධ භික්‍ෂුවක් නෙමෙයි. ඔහු චීවරධාරියෙක් ලෙසයි හඳුන්වන්න පුළුවන්. බුද්ධ පුත‍්‍රයන් කළ යුත්තේ ගිහියන් අතර ඇති භේද, ගැටුම්, වෛර සංසිඳුවමින් නිවන් මාර්ගය පෙන්වා දීමයි. ඥණසාර කරන්නෙ ඒකෙ අනිත් පැත්ත. ඒ අනුව බලන කොට ඥාණසාර බුද්ධ පුත‍්‍රයෙක් නෙමෙයි.”

ඔබ වැනි නිර්මාණශීලි අදහස් තියෙන, හොඳ දෙයක් කිරීමේ උවමනාවක් ඇති අයෙක් ලංකා කලා මණ්ඩලයේ සභාපති දුරයට පත්වීම පිළිබඳව පළමුවෙන්ම සුභපතනවා. කලාමණ්ඩලයට අයිතිවෙන විෂයපථය ගැන මුලින්ම සඳහනක් කෙරුවොත්…,

කලා මණ්ඩලයේ විෂයපථයන් ට අයත්වන්නේ, රාජ්‍ය කලා ප‍්‍රතිපත්ති සැලසුම් කිරීම සඳහා රජයට සහය වීම, කලාකරුවන් වෙනුවෙන් අවශ්‍ය බලපෑමක් රජයට කළයුතු නම් එය කිරීම, කලාකරුවන් වෙනුවෙන් පෙනීසිටීම, කලාවේ විවිධ විෂයන්ට අදාලව එහි අභිවෘද්ධිය සඳහා කටයුතු කිරීම. ඊට අමතරව කලාකරුවන් දිරිමත් කරවීම සඳහා අගැයීමක්ට ලක් කිරීම, විවිධ කලා උළෙලවල් පැවැත්වීම, හොඳ රසික ප‍්‍රජාවක් ඇති කරගැනීම සඳහා කළහැකි ක‍්‍රියාමාර්ග ගැනීම, කලාකරුවන්ගේ උන්නතිය ගැන කටයුතු කරන අතරම කලාවේ සාධනීය වෙනසක් උදෙසා ඇති කිරීම සඳහා අවශ්‍ය මගපෙන්වීමක් කිරීම, හොඳ නිර්මාණ ඉදිරිපත් කිරීම සඳහා ඔවුන් දායක කර ගැනීම. රාජ්‍ය සහ අනුබද්ධ ආයතන සම`ග සම්බන්ධ වී  කලාවේ උන්නතිය වෙනුවෙන් කටයුතු කිරීම.

කලා මණ්ඩලයට අයත් ක්‍ෂේත‍්‍ර මොනවාද?

දැනට මූලිකව අනුමණ්ඩල 6 ක් පත්කරගෙන තියෙනව. මේ අනු මණ්ඩල 6 තියෙන්නෙ කලා මණ්ඩලයට උපදෙස් ලබාගැනීම සඳහායි. එම අනුමණ්ඩල නම්, 1.රාජ්‍ය නාට්‍ය අනුමණ්ඩලය, 2.රාජ්‍ය සංගීත අනුමණ්ඩලය, 3.රාජ්‍ය නර්තන අනුමණ්ඩලය, 4.රාජ්‍ය දෘෂ්‍ය කලා අනුමණ්ඩලය, 5.රාජ්‍ය ශිල්ප කලා අනුමණ්ඩලය, 6.රාජ්‍ය සාහිත්‍ය අනුමණ්ඩලය යනු අනුමණ්ඩල 6 යි.

අංගම් ශිල්පකලා අනුමණ්ඩලය කියා වෙනම ම අනුමණ්ඩලයක් තියෙනවට වැඩිය එය පුළුල් කිරීම යෝග්‍ය නිසා රාජ්‍ය ශිල්ප කලා අනුමණ්ඩලය යනුවෙන් එය වෙනස් කෙරුව. ජාතික උරුමයක් ඇති, අවධානමට ලක් වී ඇති, එමෙන්ම දැනට භාවිතයෙන් නැති වී ගිය ශිල්ප කලාවන් සඳහා යළි ජීවයක් දීමට හැකිද කියා සොයා බැලීමටත්, එම කලාවන්හි අනන්‍යතාවය ආරක්‍ෂා කරගනිමින්, වෙළඳ පොළ ග‍්‍රහණයට නතු නොවී රැුකගැනීම සඳහාත් මේ සියල්ල එකතු කර තමයි ශිල්ප කලා අනුමණ්ඩලය නමින් එය පුළුල් කිරීමට තීරණය කෙරුවෙ.

මේ සියල්ල කලාකරුවන් හා ජනතාව අතරට ගෙනයාම සඳහා ප‍්‍රකාශන ඒකකයක් පිහිටුවීමට දැනට කටයුතු කරගෙන යනවා. හැම අනුමණ්ඩලයක්ම කලා අනුමණ්ඩලයක්ම ප‍්‍රකාශන කලා මණ්ඩලයේ ඇති ප‍්‍රකාශන ඒකකය හරහා තමයි වැඩ කළයුතු වෙන්නේ.

කලා මණ්ඩලය ආමාත්‍යංශයක  රබර් මුද්‍රවාක් බවට පත්වෙලයි තිබුණෙ. කලා මණ්ඩලය අදහස් කරන දේ අදාළ දෙපාර්තමේන්තුවක් විසින් පැවැත්වීමයි මෙතෙක් කෙරුණ සම්ප‍්‍රදාය බවට පත්වී තිබුනෙ. ඒත් ඉදිරියට සැලසුම් කරන කටයුතු සියල්ල කරනු ලබන්නේ කලා මණ්ඩලය විසින්මයි. ඒ සඳහා අපට අවසරය ලැබිල තියෙනව. ඒ අනුව අපිට ස්වාධීනව කටයුතු කිරීමේ නිදහස ලැබිල තියෙනව. තැනින් කලා උළෙලවල් පැවැත්වීම වෙනුවට එක තැනක කලා මංගල්‍යයක්, කලා උළෙලක් ආකාරයෙන් පැවැත්වීමට කටයුතු කරනවා. මෙය අපට ක‍්‍රියාත්මක කිරීමට වෙන්නේ 2017 සිටයි. දැනට සැලසුම් කර ඇති අකාරයට මේ වසරේ (2016) අපිට කටයුතු කරන්න සිද්ධ වෙනව.

කලා මණ්ඩලය අයත්ව තිබුණේ සංස්කෘති අමාත්‍යාංශ්‍යට දැන් එය අයත් වෙන්නේ අධ්‍යාපන අමාත්‍යාංශයටයි. මේ වෙනස්වීමේ දී ගැටලූ කිහිපයක් ඇති වී තියෙනව. මේය ඉදිරිකාලයේ දී නිරාකරණ වෙයි.

නාට්‍ය උළෙල නියමිත කාලයට නොපවත්වන බවට හැමදාමත් චෝදනා නැගෙනව. සම්මාන උත්සවයෙන් පස්සෙ චෝදනා එල්ල වෙනවා විනිශ්චය අසාධාරණයි කියලා. විනිශ්ච මණ්ඩලය සාමාජික සාමාජිකාවන් සුදුසු අය නෙමේ. ඔවුන් අදාල විෂය පිළිබඳ නොදන්නා අයයි ආදි වශයෙන් චෝදනා නැගෙනව. මේ චෝදනා ඉදිරියටත් එල්ල වෙයිද?
ඒ වගේමයි. බොහෝ වසරවල සාහිත්‍ය උත්වස අසාර්ථකයි. පසුගිය කාලවකුවානුවේ එයට සාහිත්‍ය රසිකයන් පමණක් නොව සාහිත්‍යකරුවන් ද සහභාගී නොවන තත්ත්වකුයි උදාවෙලා තිබුණෙ. එම සංවිධාන කටයුතු කරන නිලධාරීන් කරන්නේ රාජකාරි කටයුත්තක් පමණයි. ඔවුන්ට කලාව ගැන කලාකරුවන් ගැන හැ`ගීමක්, දැනුම්වත් කමක් නැහැ. ඉදිරියටත් එහෙම වෙයිද?

ඒ අඩුපාඩු පිළිබඳ අපි අධ්‍යයනය කරමිනුයි ඉන්නේ. ඉදිරියට එසේ නොවීමට වගබලා ගන්නවා. විනිශ්චයන් සඳහා සුදුසු පුද්ගලයන් තෝරා ගැනීමේ සිට හැම දෙයක් පිළිබඳවම අවධානය යොමු කිරීමට බලාපොරොත්තු වෙනවා. අපි මේ පිළිබඳව අනුමණ්ඩල සමග සාකච්ඡුා කරගෙන යනවා. අපිට පසුගිය අවුරුද්දෙන් ඉතිරිව තියෙන්නේ රාජ්‍ය නාට්‍ය උළෙල පමණයි. එහි අවසාන වටයේ ප‍්‍රතිඵල ලැබුනේ දෙසැම්බර් අවසානයේ දී පමණ අමාත්‍යංශය අතර තිබුණු ප‍්‍රශ්නය නිසා ඒම කටයුතු ප‍්‍රමාද වෙලා තිබුණා. ප‍්‍රතිපාදන ගැටළු වගේ ගැටළු තිබුණා. මේ උත්සව කලා මණ්ඩලය විසින් පවත්වාගෙන ආපු උළෙලවල්. කලා මණ්ඩලය තමයි මෙම කටයුත්ත ක‍්‍රියාත්මක කළේ අදාල අමාත්‍යංශ කටයුතු කෙරුවේ ඒ සඳහා පහසුකම් සපයන්නා වශයෙනුයි. ඉදිරියට අපිට ඒ සඳහා ස්වාධීනව කටයුතු කිරීමට අවස්ථාව තියෙනව.
රාජ්‍ය නාට්‍ය උළෙලේ තර`ග විනිශචයන් ප‍්‍රමාධවීමට හේතු තියෙනවා. එම නාට්‍ය විනිශ්චය කිරීමට ඒවා ර`ග දැක්විය කළයුතුයි. වට කීපයකින් පසු අවසාන වටයට පැමිණිය යුතුයි ඒ සඳහා කාලයක් ගතවීමේ යම් සාධාරණත්වයක් තියෙනව.

ආධුනික නාට්‍ය කරුවෙකුට සිය නිර්මාණ කරළියට ගෙන ඒමටත්, ප‍්‍රවීන නාට්‍ය කරුවන්ගේ කෘති සහන ගාස්තුවකට ප්‍රේක්‍ෂකයන්ට නැරඹීමටත් නොහැකි වී තිබෙන්නේ ශාලා ගාස්තු විශාල ලෙස ඉහළ යාම නිසා. ශාලා ගාස්තු සාහිත්‍ය කරුවන්ටත් බලපානවා. පොතක් දොරටවැඞීමේ දී ශාලාවක් පහසු මිලට ගන්න බැහැ. ඒවගේම අගනුවර පොත් ප‍්‍රදර්ශනයක් පැවැත්වීමට සාධරණ මුදලකට ගැනීමට තැනක් නැහැ. මේ ප‍්‍රශ්නයට විසඳුමක් දෙන්න කලා මණ්ඩලයට හැකිවෙයි ද?

කලා මණ්ඩලය සතුව නාට්‍ය ශාලා හෝ වෙනත් ශාලා නැහැ. නමුත් අපිට ඒ වෙනුවෙන් පෙනී සිට කිසියම් ක‍්‍රමවේදයක් ඇති කිරීමට හැකියාවක් තියෙනවා. ශාලා හිමි ආයතනවලට යෝජනා කිරීම හා සාකච්ඡුා කිරීම කරන්න පුළුවන්. කලාකරුවන් එකතු කරගෙන යම් මැදිහත් වීමක් කරන්න බලාපොරොත්තු වෙනවා.
ර`ග ගත කරන්න බැරි ශාලාවලටත් ඉහළම ගාස්තු අයකරනවා. නළුවෙකු අතක් ඉස්සුවොත් සිවිලිමේ අත වැදෙන තරමට ප‍්‍රමිතියෙන් තොර ශාලා තියෙනව. ඇත්ත වශයෙන්ම මෙය සලකා බැලිය යුතු ප‍්‍රශ්නයක්. මේ ශාලා පිළිබඳ ප‍්‍රශ්නය පිළිබඳව අපිට රජයට කරුණු දැක්වීමේ හැකියාව තියෙනවා. අපි එය නිසි අද්‍යයනයකින් පසුව යෝජනාවක් වශයෙන් ඉදිරිපත් කරන්න බලනව.

නාට්‍යයක් විවිධ ප‍්‍රදේශවල පෙන්වීම වගේම, එක නාට්‍යයක් එක ප‍්‍රදර්ශනයකින් පසුව නිහඬතාවයකට පත්වෙන්නෙ නැතිව දින කීපයක්වත් එක දිගට පෙන්වීමේ හැකියාවක් තියනව ද කියන එක ගැන සොයාබැලිය යුතුයි. එයට රසික ප‍්‍රජාව වැඩිකරගැනීම, රසාඥතාවය වැඩිදියුණු කිරීම, නාට්‍යවල ගුණාත්මකබව වැඩි කිරීම, ප‍්‍රවේශ පත‍්‍ර ගාස්තුව අඩු වීම වැනි කටයුතු කරුණු කෙරෙහි අවධානය යොමු කිරීමටත් සිදුවෙනව. ඉදිරියේදී එවන් පර්යේෂණාත්මක කටයුත්තක නිරත වීමට අදහස් කරනවා. එක දිගට පෙන්වීමේ දී ශිල්පීන්ට වෘත්තීය මට්ටමක් ඇති වෙනවා වගේම, නාට්‍යයක පිරිවැය අඩු කරගැනීමටත් හැකි වෙනව. දැනට ඇතැම් රටවල එවන් රංග ගත කිරීම් සිදු කෙරෙනවා. අපිට එතරම් ම දිර්ග කාලයකට නොවුනත් යම් කිසි කාලයක් එක දිගට නාට්‍යයක් ප‍්‍රදර්ශනය කිරීමට හැකිද කියා උත්සාහයක් ගත යුතුයි. එය අපිට පමණක් කළ නොහැක්කක්. එය සාමූහික ප‍්‍රයත්නයකින් සාර්ථක කරගතයුතු දෙයක්.

කලාකරුවන්ගේ නිර්මාණ ශක්තිය දියුණු කරලීම උදෙසා පියවර ගැනීමට අදහස් කරනවද?

ඔව්. ඒක අපේ ප‍්‍රධාන අංගයක්. කලාකරුවන් සඳහා වැඩමුළු පැවැත්වීම. දේශීය විදේශීය සම්පත් දායකයන් ඒවාට සහභාගීකර ගැනීම. විදේශ නාට්‍ය කෘතීන් නැරඹීමට අවස්ථාවක් ලබා දීම මෙන්ම අපේ නාට්‍ය විදේශරටවල නාට්‍ය පේ‍්‍රක්‍ෂකයන්ට ඉදිරිපත් කිරීම වැනි අදහස් තියෙනව. ධර්මසිරි බණ්ඩාරනායකගේ ධවල භීෂණ, ට්‍රෝජන් කාන්තාවෝ ඉන්දියාවේ ප‍්‍රදර්ශනය කිරීමේ දී ඉහළ ප‍්‍රතිචාරයක් ලැබුණ. අනුමණ්ඩල විසින් ඉදිරිපත් කරනු ලබන යෝජනා අනුව අපිට සාධනීය වැඩපිළිවෙලක් සඳහා කටයුතු කළ හැකියි.

සාහිත්‍ය පැත්තෙන් ඒ පිළිබඳව ඉදිරි වැඩපිළිවෙලවල්  මොනවාද?

සාහිත්‍ය අනුමණ්ඩලවල යෝජනා අනුව කටයුතු කරන අතර. හොඳම සහිත්‍ය කෘතිය මුල් භාෂාවෙන් පමණක් නෙමෙයි. ඉංග‍්‍රීසි බසට පෙරළා තවත් රටවල් වල පාඨකයන් අරතට ගෙනයාමට උත්සාහයක් ගැනීමට බලාපාරොත්තු වෙනව.

අපිට වෙනත් රටවල නාට්‍ය පිටපත් කියවීමට ලැබෙනවා. ඇතැම් පිටපත් අනුව නාට්‍ය නිෂ්පාදනයන් ද කෙරෙනවා. අපේ සුදුසු නාට්‍ය පිටපතක් තෝරාගෙන වෙනත් භාෂාවකට පෙරළිය නොහැකි ද?

වැඩිවශයෙන් මෙසේ පරිවර්තනය වෙන්නේ, මුල් නිර්මාණය ජනප‍්‍රිය වී එය අගැයීමකට ලක්වූ පසුයි. එකී නාට්‍ය නිර්මාණය සජීවිව නැරඹීමට නොහැකි වුවත් එහි පෙළ කියවීමට හෝ පේ‍්‍රක්‍ෂකයන් කැමැත්තක් දක්වනවා. අපට ද එසේ පරිවර්තනය කිරීමට හොඳ කෘතියක් තිබුණොත් අත්හදා බැලීමක් කළහැකියි. සමහර කෘතීන් රසවිඳීමට භාෂාව ගැටළුවක් වෙන්නේ නෑ. අපි ඔපෙරාවක් රස විඳින්නේ මුල් භාෂාවෙන්මයි. මම කලින් සඳහන් කළා වගේම ධර්මසිරිගේ නාට්‍යයන්ට ඉන්දියාවෙදි ඉහළ ප‍්‍රතිචාරයක් ලැබුණෙ මුල් භාෂාවෙන් (සිංහලෙන්* රංග ගතකරලයි. එයි දී නාට්‍ය ගැන අදහසක් ප්‍රේක්‍ෂකයන්ට කලින් දී තිබීම රසවින්දනයට පහසු වෙනවා.

මම දන්නතරමින් නම්, ලංකාවේ සිංහල භාෂාවෙන් හැර වෙනත් භාෂාවලින් වශේෂයෙන්ම දමිල භාෂාවෙන් කොළඹ හෝ උතුරු නැගෙනහිර පළාත්වල (සම්භාව්‍ය) නාට්‍යය නිෂ්පානය නොවන තරම්. යම් නාට්‍ය නිෂ්පාදනය වූවත් නිෂ්පාදනය වෙන්නේ කලකට ඉහත නිෂ්පාදනය වූ ‘ටීටර්’ වැනි නාට්‍යයි. ඒ පළාත්වල දක්‍ෂයන්ට නාට්‍යමය ගුණයෙන් යුත් නාට්‍ය නිෂ්පාදනයට අතහිත දීමක් කිරීමට වැඩපිළිවෙලක් තියෙනවද?

එහෙම වැඩ පිළිවෙලක් ඇති කළයුතුයි. වැඩි පුර අත්දෑකීම් තියෙන නාට්‍ය කරුවන් අගනුවර තමයි ඉන්නේ. කලාකරුවන් නගරයට කේනද්‍රගතවීම ස්වභාවයක්. ඒක අපේ රටට විතරක් නෙමයි ලොව කොයි රටටත් පොදු දෙයක්. අපේ ප‍්‍රවීනයන්ගේ නාට්‍ය උතුරු නැගෙනහිරට    රැුගෙන යාම මෙන්ම ඔවුන්ගේ නිර්මාණ අගනුවරටත් ගෙනායුතුයි. ඒ මිශ‍්‍රවීම අවශ්‍යයි. මේ සමග පළාත් පාලන ආයතන සමග කතාබහ කළයුතුයි. ඒ පළාත්වල දේශපාලන බලඅධිකාරීන්ගේ සහයෝගය ලබාගත යුතුයි. කලාකරුවන් කලාකරුවන් අතර හුවමාරුව එතරම් අපහසු දෙයක් නෙමෙයි. කළහැකි කළයුතු කටයුත්තක්. ලංකාව පුරාම වැඩමුළු පැවැත්වීමට සැලසුම් කර තියෙනව. කේ.බී. හේරත් මහතාගේ යෝජනාවක් අනුව නාට්‍ය සායනය නමින් වැඩමුළු මාලාවක් ගියවසරේ සිට ආරම්භ කර තිබුණා. ඒ කටයුත්ත දිගටම කළයුතුයි.
ප‍්‍රාදේශීය කලාකරුවන්ගේ නිර්මාණ තත්ත්වයෙන් උසස් නොවීම ඔවුන්ට හැදෑරීමක් කිරීමට ඉඩක් නැතිවීම නිසා සිදුවන දෙයක් විය හැකියි. අපේ නාට්‍ය වුවත් මුල් යුගයේ දී තිබුණේ එවන් තත්ත්වයකයි. නමුත් පසුව ඒවා පරිනත තත්ත්වයකට පත්වුණා. යුද්ධය අවසන් වීම නිසාත්, යහපාලන රජයෙන් රටතුළ සමකාමී වාතාවරණයක් ඇති වීම නිසාත්, නිදහසේ අදහස් ප‍්‍රකාශ කිරීමට හැකි තත්ත්වයක් උදාවීම නිසාත් එය උතුරු, දකුණු, නැගෙනහිර බේදයකින් තොරව හොඳින් කළහැකිවේ යයි මා විශ්වාස කරනවා.

නාට්‍ය නිෂ්පාදකයන් අතරත් මාෆියාවක් ගොඩනැගෙමින් තිබෙන බවක් කියෙනවා. ඔවුන් නාට්‍ය ශිල්පීන් මෙන්ම ශාලා ද අත්පත් කරගෙන තියෙනව. ලබන වසරේ එනම්, 2017 දෙසැම්බර් මස වනතුරු නගරයේ නෘත්‍ය ශාලා සති අන්තයේ වෙන්කරගෙන ඇති බවක් කියැවෙනව. මෙවැනි ඒකාධිකාරයක් ගොඩනැගීම තුළින් සිදුවන්නේ ස්වාධීන නාට්‍යකරුවන් හා ආධුනික නාට්‍යකරුවන්ට ඉඩ ඇහිරීම නේද?

වෙළෙඳ පොළ හා මිනිසුන්ගේ හැසිරීම් පාළනය කරන්න අපිට බැහැ. යහපත් දේ අගැයීම තුළින් ඒවා ඉවත්වෙයි කියා බලාපොරොත්තු වෙනව. යහපත් ආකාරයේ බලපෑමක් කරන්න පුළුවන්නම් ඒ හරහා වෙනස්කම් ඇතිකරගත හැකියි කියා විශ්වාස කරනවා.

හොඳම නාට්‍ය වශයෙන් තේරෙන නාට්‍ය නාට්‍ය උළෙලින් පසු යළි දකින්න ලැබෙන්නෙ නැහැ. එවන් නාට්‍යය නැවත රංග ගත කිරීමට අපි උත්සාහයක් ගත යුතුයි. එය රටවටා පේ‍්‍රක්‍ෂකයන්ට ඉදිරිපත් කරන නාට්‍යයක් විය යුතුයි. අපි ඉදිරියට එවැනි වෙනස් කරම් කරනවා. ආමාත්‍යාංශ වෙනස්වීම තුළ, කලින් අනුමණ්ඩල විසින් සැලසුම් කරන ලද කටයුතු ක‍්‍රියාත්මක කරන්න සිදුවෙනවා. ඒවායේ අඩුපාඩු ඇත්නම් සකස් කිරීමට බලාපොරොත්තු වෙනවා. යහපත් විවේචන ඇත්නම් අපි  ඕන වෙලාවක බර ගන්න කැමතියි.

මෙවර නිදහස් දිනයේ දී ද්‍රවිඩ භාෂාවෙන් ජාතික ගීය ගායනා කිරීම ඇතැම් අය විශාල අර්බූදයක් ලෙස දකිනවා. සමහරු මෙය ලොකු ප‍්‍රශ්නයක් කරගෙන තියෙනව. ඒ ගැන ඔබේ අදහස?

මේක ප‍්‍රශ්නයක් කරගෙන තියෙන්නේ එක කණ්ඩායමක්. ඒක ප‍්‍රශ්නයක් කරගනන්න කලින් එල්.එල්.ආර්.සී වාර්තාව (උගත් පාඩම් හා නිර්දේශ කොමිසම)  ආවේ කොයි කාලෙද කියල ඒ අය කල්පනා කරන්න  ඕනෙ. ඒක ආවේ මහින්ද රාජපක්‍ෂගෙ පාළන කාලයේ. ඒකෙ ජාතික ගීය ද්‍රවිඩ භාෂාවෙන් ගැයීම පිළිබඳව යෝජනා වෙලා තියෙනව. ඒක අලූත් දෙයක් නෙමෙයි. මෙතෙක් එම ගීය ගායනා නොකරපු එකයි ප‍්‍රශ්නෙ.  ජාතික ගීය අනුවාදනය කරන්න පුළුවන්. ඒ ඒ ජාතීන්ට තමන්ගෙ බසින් කියන්න පුළුවන්. එය ද්‍රවිඩ භාෂාවෙන් පමණක් නෙමෙයි මේ රටේ තවත් භාෂාවක් කතාකරන පිරිසක් ඉන්නවා නම් ඒ භාෂාවෙනුත් ගායනා කළාට කමක් නැහැ. අර්ථය එකයි. මුල් පදමාලාවමයි අනෙක් භාෂාවකට පරිවර්තනය කොට ගායනා කරන්නෙ. නොතේරෙන භාෂාවකින් ගායනාකරනවට වැඩිය තමන් දන්න භාෂාවකින් ගායනා කිරීම වඩාත් හොඳයි. ඔවුන්ට එය වැටහෙන්නේ එවිටයි.

මෙයට සමාජ වෙබ් අඩවිවල යහපත් ප‍්‍රතිචාර තිබුණා. නිර්මාණාත්මක යෝජනාවක් ලෙස එය ඔවුන් අගය කරල තිබුණ. ජාතික ගීය විකෘති කිරීමක් මෙහි දී සිදුවෙන්නේ නැහැ. පරිවර්තනයක් විතරයි සිදුවන්නේ. ඇයි අපි විවිධ රටවල නායකයන්ගේ කතා අපේ බසට පරිවර්තනය කර අහන්නේ අපිට ඒ භාෂාව නොතේරෙන නිසා. අපේ රටේ නායකයෙක් පිටරට ගිහින් සිංහල භාෂාවෙන් කතාකෙරුවොත් වෙනත් ජාතීන්ට තේරෙනවද? නෑ. ඒක පරිවර්තනය කරන්නේ ඔවුන්ට තේරුම් ගැනීම සඳහායි. ඒක සංනිවේදන කාර්යක්. හැකියාවක් තියෙනවා නම් ජාතික ගීය ඉංග‍්‍රීසියෙන් ගායනා කළත් කමක් නැහැ.

හිටපු ජනාධිපතිවරයාගේ පුත් යෝෂිත රාජපක්‍ෂ අත්අඩංගුවට ගැනීම් ලොකු කම්පනයක් ඇතිකරන සිද්ධියක් බවට හුවා දැක්වීමට ඇතැම් මාධ්‍යය ලොකු උත්සාහයක් දැරුවා. සමාජ ජාල ද, මුහුණු පොත ද මෙයට දායක කරගනු ලැබුවා. මහින්ද රාජපක්‍ෂගෙ දෑසින් කඳුළු ඉනීම හුවා දැක්වීමෙන් ජනතා හදවත් තුළ කම්පනයක් ඇති වෙයිද?

අවුරුදු 20 ක පමණ කාලයක් තිස්සේ මිනිසුන්ගෙන් ගලා ගිය කඳුළු කඳුළු නෙමෙයිද කියලා අහන්න සිද්ධ වෙනවා. අතුරුදහන් වූවන්ගෙ ඥාතීන්ගෙ කඳුළු, ඝාතනය කළ අයගේ මව් පියවරුන්ගෙ, බිරියන්ගෙ, දුදරුවන්ගෙ කඳුළු කඳුළු නෙමයිද? ප‍්‍රගීත් එක්නැලිගොඩ අතුරු දහන්වීමෙන් ගලන සන්ධ්‍යා එක්නැලිගොඩගේ කඳුළු, ඔහුගේ දරුවන්ගේ කඳුළු කඳුළු නෙමෙයි ද කියල අහන්න සිද්ධ වෙනවා. ලසන්තගෙ පවුලේ උදවියගේ කඳුළු, මේ ගැන කතා කරන මහත්තුරුන්ට  ඒ කඳුළු පෙනුනේ නැද්ද? මෙතන තියෙන්නෙ කඳුළු මාකට් කිරීමේ වැඩ පිළිවෙලක් මිසක්, හදවතින් නැ`ගුණු කඳුළු හුවා දැක්වීමක් නෙමෙයි. යෝෂිතට ඒ කෝටි ගණනක මුදල් ලැබුණු ක‍්‍රමය හෙළි කිරීම මිස කඳුළු වලින් මේ වංචා, ¥ෂණ යට ගැසිය නොහැකියි.

අගමැති තුමා මාධ්‍යවේදීන් හෙළා දකිමින් කළ කතාව සමාජයේ වවේචනයකට ලක් වී තියෙනව. ඒ පිළිබඳව ඔබේ අදහස.

අගමැතිතුමා පාර්ලිමේන්තු වරප‍්‍රසාදයක් උඩයි කතා කරලා තියෙන්නේ. ඒක තමන්ගෙ වරප‍්‍රසාදය. ජනමාධ්‍යවේදීන්ම සලකා බැලිය යුතු කරුණක් ඒක. ඇයි එහෙම විවේචනයක් කිරීමට පෙළඹුනේ කියල. ජනමාධ්‍යවේදියා ඉතාමත් ම වගවීමෙන් වැඩ කළයුතුයි කියලයි මම හිතන්නෙ. ඔහු හැම දෙනා අතරම ඉන්න අතරමැදියා. ඔහු තමයි සියලූදෙනා අතර සන්නිවේදනය ගෙනියන්නෙ. ඔහුට පුද්ගලයෙක් හෝ ජනතාවක් කෝප ගැන්වීමේ අයිතියක් නැහැ. ඔහු නිවැරදිව, මැදිහත්ව වාර්තාකිරීමයි කළ යුත්තේ. ජනමාධ්‍යවේදය තුළ ආචාර ධර්ම තියෙනව. ඔහු ජාතියකගේ හැ`ගීම අනවශ්‍ය විදිහට ඇවිස්සීම සඳහා කටයුතු නොකළ යුතුයි. පහුගිය අවුරුදු 10 ගැන මේ අය ආපසු හැරී බැලිය යුතුයි. ඔවුන් මොනවද කතා කෙරුවෙ කියල ඔවුන්ම දන්නවා.

කලාකරුවෙකුට හෝ මාධ්‍යවේදියෙකු මුදලට නොවිකිණිය යුතුයි. මාධ්‍ය වේදීන් ස්වාධීන විය යුතුයි. ඒ ස්වාධීනවීම තමයි රටේ ජනතාවගේ ආත්මයේ වගවීම බවට පත්වෙන්නෙ. කලාකරුවෙක් හෝ මාධ්‍යවේදියෙක් කටයුතු කළ යුත්තේ මිනිසුන් යහපත් මිනිසුන් බවට පත් කිරීමයි. ඔවුන් එතැනින් පහලට ඇද දාන්න තම වෘත්තිය කැප කරනවානම් ඔහු කලාකරුවෙක් හෝ මාධ්‍යවේදියෙක් නෙමේ කියන එකයි මගේ අදහස. තමන්ට පුද්ගල මතයක් තියෙන්න පුලූවන්. නමුත් අන් පුද්ගල මතයකට හෝ සමාජ මතයකට හානි පැමිණ විය නොහැකියි. මාධ්‍යකරුවා සමාජ අපචාරයක් නොකළ යුතු වගේම සමාජය ගිනි තැබීම ද නොකළ යුතුයි.

සරත් විජේසූරිය මහතාගේ නවතම ග‍්‍රන්ථය එළිදක්වන ලද දවසේ ප‍්‍රකාශ කළා යහපාළන රජයෙත් ‘ජැක් සන්’ ලා ඉන්නවා කියලා. මම හිතන්නේ එයින් අදහස් කරන්නේ, තමන් කලාකරුවෙකු වශයෙන් ගොඩනගාගත් නම වරප‍්‍රසාද උදෙසා අලෙවි කරන බවයි. මේ ගැන ඔබේ අදහස?

දීර්ඝ කාලයක් තිස්සේ ප‍්‍රසස්ති සංස්කෘතියක්, මුක්කු ගැසීමේ සංස්කෘතියක්, පිට කැසීමේ, වන්දිභට්ටකම් කිරීමේ, සට්ටැඹිකම් කිරීමේ  සංස්කෘතියත් දීර්ඝ කාලයක් තිසසේ පැවතිලා තියෙනව. එයට පසුගිය රජයට පමණක් චෝදනා කිරීමට අපහසුයි. ඒවා කරන පුද්ගලයන්ට කලා කරුවන් කියා හඳුන්වනවා ද කියන එකයි ප‍්‍රශ්නය. ඔවුන් කලාකරුවන් නෙමෙයි. ජීවත්වීම උදෙසා මොකක් හරි දෙයක් කරන පිරිසක්. ජැක් සන් ලට කලාකරුවන් කියා කියන්න බැහැ. ඔවුන්ට මුක්කු කරුවන් වගේ නමක් කියන්න පුළුවන්.

හෝමාගම උසාවියේදී ර`ගදැක් වූ ‘ඥාණසාර භූමිකාව’ ගැන මොකක්ද ඔබේ අදහස? එය භික්‍ෂූත්වයට තරම් දෙයක්ද?

මම දන්න බුද්දාගම අනුව, කළහ කිරීම, මිනිසුන් කෝප ගැන්වීම නෙමේ බුදුරජාණන් වහන්සේ සිය ශ‍්‍රාවකයන්ට කියාදුන්නේ.  සම්පූර්ණයෙන්ම එහි අනෙක් පැත්තයි. කෙනෙකුට තර්කයක් නගන්න පුළුවන් ‘‘එහෙ නම් සෝභිත හිමියන් මොකක්ද කළේ කියල. උන්වහන්සේ කළේ සමාජය යහපත් කිරීම සඳහා දායකත්වයක් ලබා දීමයි. ඒ සඳහා අවවාද අනුසාසනා කිරීමයි.’’ මේ අය කවුරුන් වෙනුවෙන්ද පෙනී සිටින්නෙ කියන එකයි ප‍්‍රශ්නය මේ අය බුදුන් වහන්සේ දේශනා කරන ලද ධර්මය විකෘති කිරිමයි කරන්නේ. බුදුන් වහන්සේ ජාතීන් වර්ගීකරනයක් කෙරුවෙ නැහැ. ජාති, කුල, ආගම්, පංති, වර්ණ මේ කිසි භේදයක් උන්වහන්සේ වර්ගීකරණයක් කෙරුවෙ නැහැ. අන්‍ය ආගමිකයන් පවා බුදුන් වහන්සේ සරණ ගියා. බුද්ධාගම ආගමකට වඩා ජීවත්වීමේ දර්ශනයක්. බුදුන් වහන්සේ ගිහියන්ට යහපත්ව හැසිරෙන ආකාරයට ධර්මය දේශනා කර තියෙනව.  ඒවගේම ගිහි ගෙය හැර පැවිදි වන අයට විනය පද්ධතියක් දේශනා කරල තියෙනව.

ඒ විනය පිටකය ඔය හාමුදුරුවරු කියවනව නම් හොඳයි. විනය පිටකය දැන් අමතක වෙලා. එය සාමාන්‍ය ජනතාවවත් කියවලා බලනවා නම් හොඳයි. මේ අය කවුද කියල තේරුම් ගන්න පුළුවන් එතකොට. ධම්ම පදයෙත් වග්ග ගණනාවක් හාමුදුරුවරුන්ට හැසිරිය යුතු ආකාරය ගැන සඳහනක් තියෙනව. මේ කරුණු එක්ක බලනකොට ඥාණසාර කියන්නෙ බුද්ධ ශ‍්‍රාවකයෙක්ද කියන ප‍්‍රශ්නය පැන නගිනවා. ඔහු සිවුරු දරන්නෙක් බව ඇත්ත. ඔහුගේ ඇඳුම චීවරය මිසක් ඔහු බෞද්ධ භික්‍ෂුවක් නෙමෙයි. ඔහු චිවරයක් ඇඳගත් පුද්ගලයෙක් වශයෙන් හඳුන්වන්න පුළුවන්. බද්ධ පුත‍්‍රයන් කරන්නේ ගිහියන් අතර ඇති භේද, ගැටුම්, වෛර සංසිඳුවමින් නිවන් මාර්ගය පෙන්වා දීමයි. ඒ අනුව බලන කොට ඥාණසාර බුද්ධ පුත‍්‍රයෙක් නෙමෙයි. චීවර ධාරියෙක් විතරයි.

මනොජ් රූපසිංහ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *