මැතිවරණ ප්‍රචාරක රැස්වීම් නැහැ ? ඡන්දය දීම පමණයි ?

මහ මැතිවරණය සහ පාර්ලිමේන්තුව කැඳවීම ගැන ශ්‍රේෂ්ටාධිකරණයේ විභාග වන පෙත්සම්වල තීන්දුව ලැබුණු පසු මහ මැතිවරණය සඳහා මැතිවරණ කොමිසන් සභාව විසින්  දින නියම කරනු ඇති බවත්, එසේ වුව ද , සෞඛ්‍ය සේවා අංශවලින් ලැබී ඇති උපදෙස් අනුව දේශපාලන ප්‍රචාරක රැස්වීම් සඳහා ඉඩ නොලැබෙනු ඇති බවත්, තතු දත් දේශපාලන අංශ වාර්තා කරයි.

කොවිඩ් 19 පාලනයට අවශ්‍ය භෞතික දුරස්ථභාවය තබාගැනීම අවශ්‍ය නිසා ප්‍රචාරක රැස්වීම් සඳහා අවසර නොලැබෙනු ඇතැයි කියති.

කුඩා රැස්වීම් සඳහා ඉඩ ලැබුන ද, මීටරයක දුර තබාගැනීම, මුඛ ආවරණ පැලදීම , අත් සේදීම ආදී කොන්දේසි පැනවෙනු ඇතැයි කියති .

මැතිවරණ ප්‍රචාරය සඳහා ගෙන් ගෙට යාමට පමණක් ඉඩ ලැබෙනු ඇති අතර එය කළ යුත්තේ ද නිරෝධායන කොන්දේසි කඩ නොකරමිනි.

මෙම ඇතැම් කොන්දේසි මේ වනවිටත් මැතිවරණ කොමිසම වෙත දැනුම් දී ඇත. 

සෞඛ්‍ය සේවා අංශ ලබා දී ඇති නිර්දේශ අනුව ඡන්දය පැවැත්වීමට අවශ්‍ය ඉඩකඩ ඇති ගොඩනැගිලි ලබාගැනීම ද ප්‍රශ්නයක් වී ඇති බව මැතිවරණ කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා මාධ්‍යයට ප්‍රකාශ කොට ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *