තවමත් එජාප සභාපති මමයි ; මා තනතුරින් ඉවත්කොට නැහැ – හිටපු ඇමැති කබීර් හෂීම්

තවමත් එක්සත් ජාතික පක්ෂයේ සභාපති තමන් බවත් එම තනතුරින් තමන් ඉවත් කිරීමට එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය කටයුතු කොට නැති බවත් හිටපු ඇමති කබීර් හෂීම් මහතා ප්‍රකාශ කරයි .

තමන් පක්ෂයෙන් ඉවත් කළ බව කීව ද එවැනි දැනුම්දීමක් තමන්ට ලැබී නැති බව ද ඒ මහතා කියයි.

සති අන්ත ඉංග්‍රීසි පුවත්පතකට කබීර් හෂීම් මහතා මේ බව ප්‍රකාශ කොට ඇත .

එජාප සභාපති කබීර් හෂීම් , නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස ඇතුළු කණ්ඩායම එජාපයෙන් නෙරපීමට කෘත්‍යාධිකාරී මණ්ඩලය සිකුරාදා තීරණය කළේ ය. එසේ වුව ද ඔවුන් දැරූ තනතුරුවලට අලුතින් කිසිවකු පත්කොට නැත.

සිකුරාදා පැවති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට එජාප සභාපති කබීර් හෂීම් , නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස ඇතුළු එම කණ්ඩායමේ කිසිවකු සහභාගී වුයේ නැත.ඔවුන් ඉවත්කිරීමට කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කළේ ඒකමතිකව බව වාර්තා වීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *